- ගැස් බලයෙන් ක්‍රියාකරන අවියක්.
- අවට වාතයෙන් සිසිල් වන අවියක්.
- තනි උන්ඩ හා පොකුරැ උන්ඩ යන දෙවිදියටම වෙඩි තැබීෙම් හැකියාව
- වෙඩි තැබීම, පහර දීම, බයිනේත්තුව අාධාරෙයන් සතුරාට අැන විනාශ කිරීෙම් හැකියාව
- විවිධ පතුරම් භාවිතයෙන් වෙඩි තැබීෙම් හැකියාව
- බෝල්ට්
- ඉන්සන්ඩයරි
- ආමපීසින්
- ට්‍රේසර්
- පුහු පතුරම්
- අභ්‍යාස පතුරම්
- මේ අවිය බොල්ට් එක කැරකැවීම මගින් ක්‍රියා කරන අවියක්
1. බෝල්ට් පතුරම්
මේක තමා සාමාන්‍යයෙන් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ.මේකෙන් සාමාන්‍ය සතුරාව විනාශකරන්න පුලුවන්.
2. ඉන්සන්ඩයරි පතුරම්
මේ පතුරම සාමාන්‍යයෙන් යොදාගන්නේ වෙඩි තියල ගින්නක් ඇතිකරන්න.සාමාන්‍යයෙන් පිදුරුගොඩකට වගේ දේකට වෙඩි තිබ්බොත් ගිනිගන්නව..ඒ වගේම මේ පතුරම අදුනගන්න පුලුවන් මේකේ නෝස් එකේ අග නිල් පාටින් පාට කරල තියෙන්නෙ.
3. ආමපීසින්
මේව ගන්නේ ඝන තහඩුව්කින් එහා ඉන්න සතුරෙකුට පහර දෙන්න.මේකේ අග කලුපාටින් තියෙන්නෙ.
4. ට්‍රේසර් පතුරම්
ට්‍රේසර් පතුරම් යොදාගන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී ඉලක්ක පතක් පෙන්වන්න.මේකෙන් වෙඩි තිබ්බම නෝස් එකෙන් එලියක් විහිදීගෙන තමා යන්නේ ඒකෙන් අනික් අයට ඒක නිකන් ඉරක් වගේ පේනව.ඒ එලිය රතු පාටයි හැබැයි මමනම් කොලපාටත් දැකල තියෙනව, මේකේ අග කොල පාටයි
5. පුහු පතුරම්
පුහු පතුරම් කියන්නේ ඒකේ අග නෝස් එකෙක් නෑ, අග අකුලලා තියෙන්නේ.මේකෙන් ජීවිතයක් විනාශ කරන්න බෑ.ඒත් සාමාන්‍යයෙන් මේක දාල අඩි දෙක තුනක් එහායින් ඉන්න කෙනෙක්ට අල්ලලා වෙඩි තිබ්බොත්නම් හානියක් වෙන්න ඉඩ තියෙනව.
6.අභ්‍යාස පතුරම්
මේකෙන් වෙඩි තියන්නනම් බෑ.මේකේ නොස් එක රබර්.ඇතුලේ වෙඩි බෙහෙතුත් නෑ.මේක ගන්නේ නිකන් අභ්‍යාස කරන්න විතරයි
No comments:
Post a Comment