Tuesday, October 31, 2017

මැගසින් ෆිලින් 2



මැගසින් ෆිලින්(ගැබට පතුරම් කැවීම)


මැගසිනයට පතුරම් කැවීමේ කොටස කොටස් තුනක් යටතේ විස්තර කරන්න පුලුවන්.
1. සුදුසු මැසසිනයක් තෝරා ගැනීම
2. සුදුසු පතුරම් තෝරා ගැනීම
3. සුදුසු භූමිය තෝරා ගැනීම


1. සුදුසු මැසසිනයක් තෝරා ගැනීම
සුදුසු මැගසින් එකක් තෝරා ගැනීම කියල කියන්නෙ කොටින්ම කීවොත් කරදරයක් නැතිව උන්ඩය අවියට දෙන්න පුලුවන් මට්ටමේ මැගසින් එකක් , එහෙම එකක් මේ කාරනා යටතේ හොයා ගන්න පුලුවන්
1. අවියට ගැලපෙන මැගසින් එකක් වෙන්න ඕන.
2. බද ගොඩක් මල කාල නැතිවෙන්න ඕන.
3. බද තැලිල නැති වෙන්න ඕන
4. මැගසින් ස්ප්‍රීන් හරියට වැඩ කරන්න ඔන.
5. බොටම් ප්ලේට් එක ගැලවෙන්නෙ නැතිව තියෙන්න ඕන
6. මැගසින් ලිප්ස් තැලිල නැතිවෙන්න ඕන.
7. ෆ්ලැට්ෆෝම් එක ගැලවෙන්නෙ නැති වෙන්න ඕන
ඔය කාරනා ටික තියෙන මැගසින් එකක් නම් වැඩේට ok.



2. සුදුසු පතුරම් තෝරා ගැනීම
සුදුසු පතුරම් තෝරා ගනිද්දි මේ කොටස්  ගැන බලන්න ඕන.
1. පතුරම අවියට ගැලපෙන්න ඔන
2. පතුරම් බද තැලිල තියෙන්න බෑ
3. නෝස් එක හෙලවෙන්න බෑ.
4. මලකඩ කලා තියෙන්න බෑ.
5. වතුරෙ කාලයක් තිබුනොත් ඒව පත්තු වෙන්නෙ නෑ
6. තෙල්, දූවිලි තිබුනොත් හිර වෙනව


3. සුදුසු භූමිය තෝරා ගැනීම
මේකයි භූමිය ගැන කීවොත් භූමිය ඕන වෙන්නෙ වැඩේ කාර්‍යක්ශමව කරගන්න විතරයි.අපට ගහක් උඩ, ටැලට් එකක් උඩ උනත් අතට පතුරම් අරන් පුරවන්න් පුලුවන් ඒත් ඉක්මනින් වැඩෙ කරගන්නනම් මේ කිහිපය ඕන
1. මඩ, දූවිලි නැති භූමියක්
2. සමතලා බිමක්
3. අධික ඉර එලිය නැති තැනක්
ඕව තියෙනවනම් මැගසින් එකක් ගහගන්න පුලුවන් මිනිත්තු කිහිපයකින් හොද සෙබලෙක්ට



No comments:

Post a Comment

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...