මේකයි සාමාන්‍යයෙන් ආරක්ශක නීතියක් කියන්නේ මොකද්ද කියල මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්...
උදාහරණයක් ගත්තොත් අපි පාරේ පයින් යද්දි දකුනෙන් යනව, වාහනේකදි වමෙන් යනව.ඒක මේ රට ඇතුලේ තියෙන ආරක්ශක නීතියක් ඒ වගේම ඒ නීතිය නිසා මේ රටේ වගකිවයුතු අංශයකට අනතුරු අවම කරගැනීමට හැකියාවක් ලැබිල තියෙනව.අන්න ඒ වගේම තමා මේ අවියට තියෙන ආරක්ශක නීති, අවිය මේ ආකාරයට පාවිච්චි කිරීම තුලින් ඇත්තටම අනතුරු අවම කරගැනීමේ හැකියාවක් හා අවියේ දෝශ අවම කරගැනීමේ හැකියාවක් ලැබිල තියෙනව.
හොදයි බලමු මේ අවියට ආවෙනික වෙන ආරක්ශක නීති මොනවද කියල.
1. මේ අවිය කිසිම අවස්ථාවක තනි නොකල යුතුයි(පතුරම් ඇතිව හෝ නැතිව)
2. අවිය තම මිතුරු පාර්ශවයට එල්ල නොකල යුතුයි.
3. අවිය ආරක්ශක සංවිදානය කිරීමේදී බැරලය 45°ක් අහසට එල්ල කල යුතුයි.
4. ගුවන් යානයකදී බැරලය පොලොවට ලම්භකවත් ගොඩබිම් වාහනයකදී බැරලය අහසට ලම්භකවත් වන පරිදි ගෙන යා යුතුයි.
5. අතින් අතට ලබාදීමේදී අවිය සම්පූර්ණ ආරක්ශක සංවිදානය කිරීමකින් පසුව ලබා දිය යුතුයි.
6. ආයුදාගාරයකින් ගැනීමේදී හා භාර දීමේදී ආරක්ශක සංවිදානය කල යුතුයි .
7. වෙඩි තැබීමකට පසුව අවිය සුද්ද කල යුතුයි.

No comments:
Post a Comment