Showing posts with label කෙටි විස්තර. Show all posts
Showing posts with label කෙටි විස්තර. Show all posts

Wednesday, November 15, 2017

කට පුංචගේ ලොකු අක්ක





ඔන්න මම සියලුම විස්තර එක්ක දාන අවසාන ලිපිය.. මම අද කියන්න හදන්නෙ පොකුරු උන්ඩ වලින් සුපිරි ආදාරක වෙඩි බලයක් දෙන්න හැකියාවක් තියෙන, වැඩ කරුගේ හැකියාව මත පතුරම් ඉතුරු කරගෙන තනි උන්ඩ වෙඩි තැබීමේ හැකියාවත් තියෙන, බස් එකක් උනත් විනාඩියෙන් පෙනේරයක් කරන T56 අවියෙ සුලු යාන්ත්‍රික අවිය ගැන..  ඒ කියන්නෙ අහල, දැකල තියෙන LMG අවිය...
හරි මම පොඩි හැදින්වීමකින්ම පටන් ගන්නම්..මේ අවිය LMG ඒ කියන්නෙ
L = light
M = machine
G = gun
ඒකයි මේ අකුරු තුනෙන් කියන්නෙ
ඒ වගේම මේ අවිය 1951 වර්ශයේදී චීන සමූහාණ්ඩුව විසින් T56 අවියට ආදාරක අවියක් විදියට නිශ්පාදනය කලේ.. ඊට පස්සෙ 1981 දි ලංකාවෙ ගුවන් හමුදාව ගේනව එයාලගේ ගුවන් පථ ආරක්ශක අවියක් විදියට. මේකේ තියෙම කාර්‍යක්ශම තාවය නිසා යුධ හමුදාව 1984 ඉදන් ඛන්ඩයක පෙල ආදාරක අවියක් විදියට භාවිතා කරනව.. (ඒ කියන්නෙ ප්ලැටූන් එකක මේ අවි 3ක් තියෙනව)



ඒ වගේම මේ අවිය සම්පූර්ණ ගෑස් බලයෙන් ක්‍රියා කරන්නෙ.
සිසිලන පද්දතිය විදියට අවට වාතයෙන් සිසිල් වෙන විදියට තමා හදල තියෙන්නෙ.
වෙඩි තියන්න හැකියාව තියෙන්නෙ පොකුරු උන්ඩ විතරයි ඒත් වෙඩි තබන්නාගේ හැකියාව මත තනි උන්ඩත් පුලුවන් (මටනම් පුලුවන්..මම හිතන්නෙ අනික් අයටත් පුලුවන්)
ඒ වගේම මේකට පතුරම් බෙල්ට් එකක් ආදාරයෙන් විතරයි පතුරම් කවන්න පුලුවන්.
මේක පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් දෙන්නෙක් ඕන වෙනව.
ඒ වගේම T56 අවියට භාවිතා කරන හැම පතුරමක්ම භාවිත කිරීමේ හැකියාව තියෙනව.(බෝල්ට්, ඉන්සන්ඩයරි, ආමපීසින්, ට්‍රේසර්, පුහු පතුරම්, අභ්‍යාස පතුරම් .. මේව ගැන මම ආයම කියන්නෙ නෑ.. බ්ලොග් එකේ පහලට බැලුවොත් මම T56 අවියේ පාඩම් වශයෙන් දාල තියෙනව)


ඒ වගේම මේ අවියේ තාක්ශනික විස්තර ගැන කතා කලොත්

අවියේ දිගයි 1037mm
බරයි 7.9kg
කැලිබරය වෙනව 7.62mm(බැරලයේ විශ්කම්භය)
මසල් වෙලෝ සිටි එක තප්පරයට මීටර් 735යි(මසල් එන්ඩ් එකෙන් පතුරමක් පිටවෙන වේගය)
රේට් ඔෆ් ෆයර් එක වෙනව විනාඩියට පතුරම් 750ක් (කාර්‍යක්ශමතාවය )
බයිපෝට් වලින් තිබ්බම පොලොවෙ ඉදන් මසලයට 290mm උසයි
බැරලය 523mm දිගයි
ෆ්‍රන්ට් සයිට් එකේ ඉදන් රියර් සයිට් එකට් 596.5mm දුරයි
දාන පතුරම් වර්ගය 7.63×39mm පතුරම් (T56,Ak 47, M58, T81 වලට එහෙමත් භාවිතා කරනව)
සයිටයේ සදහන් දුර 1000m යි
ප්‍රතිඵල දායි දුර 500m යි
ඒ වගෙම මේ අවියට ඩ්‍රම්ස් 5ක් ගෙනියනව



මේ අවිය භාවිත කරද්දින් පිලිපදින්න ඕන නීති කිහිපයක් තියෙනව..
අවිය පතුරම් ඇතිව හෝ නැතිව තනි නොකල යුතුයි
අවිය ආරක්ශක සංවිදානය කරනකොට බැරලය පොලවට එල්ල කල යුතුයි
වෙඩි නොතබන අවස්තාවේදී ආරක්ශක ඇනය ආරක්ශක ස්ථානයේ තැබිය යුතුයි
මිතුරු හමුදාව දෙසට එල්ල නොකල යුතුයි
අවිය අතින් අතට දීමේදී ආරක්ශක භාවය තහවුරු කල යුතුයි.

ඒ වගේම මේ අවියේ ආරක්ශක භාවය මේ අවස්ථා වලදි අනිවාරෙන්ම තහවුරු කල යුතුයි.

ආයුධාගාරයෙන් ලබා ගනිද්දි
අවිය අතින් අතට මාරු කිරීමේදී
වෙඩි තැබීමට පෙර/පසු
පුහුනුවීම් සදහා.

මේ අවිය ගලවන ප්‍රදන කොටස් 03යි..
බට් ගෲප්
බොඩි ගෲප්
පිස්ටන් ගෲප්  කියල..
හරි මම දැන් අවිය ගැන කියල තියෙන්නෙ දැං පතුරම් කවන කොටස ගැන.

මම කිවනේ මේ අවියට පතුරම් කවන්නෙ බෙල්ට් එකක් ආදාරයෙන් කියල මේ බෙල්ට් එකට අපිනම් ලින්ක් කියල කියන්නෙ.. මේ ලින්ක් එකට පතුරන් කවන හැටි වෙනම පඩමක් විදියටයි අපට උගන්නන්නෙ.
මේ ලින්ක් එකේ තියෙනව කොටස් කිහිපයක්
ෆීඩින් ටැබ්
ලින්කින් බෙන්ට්
ලින්කින් ස්ප්‍රීන්
ලින්ක් පොයින්ට්
ලින්ක් කනෙක්ටින් පින්
ලින්ක් හුක්
කියල..මේවගෙන් තමා පතුරම් අල්ලන් ඉන්නෙ ..ඒ වගේම ලින්ක් කොටස් පතුරම් කවල දිග ලින්ක් එකක් සෙට් කරගන්නෙ
ඒ වගේම මේ ලින්ක් එකට පතුරම් කවන්න ලේසි ලෑල්ලක්, බිත්තියක් වගේ දෙයක් උඩ තියල..


මෙහෙම පතුරම් 100ක් පුරවපු ලින්ක් එකක් රෝල් කරල තමා ඩ්‍රම් එකකට දාන්නෙ..(අර LMG පහල එකේ තියෙන රව්ම් එක)
ඒ වගේම මේකෙන් පුහුනු වෙඩි තැබීම් සදහා භාවිතා කරනව ප්‍රදාන වශයෙන් ඉලක්කපත් වර්ග දෙකක් 


4'×4' (500m ට අඩු ඒවට)සහ අඩි 6'×6'(500m ට වැඩි ඒවට) කියන දෙක..මේවගෙ උස උනුව තමා මේව වර්ග කරල තියෙන්නේ
හරිනේ..ඉතින් කොහොමද වෙඩි තියන්නෙ ..
මෙහෙමයි.මට මේකෙ කියවලා වෙඩි තියන්නෙ කොහොමද කියලනම් කියල දෙන්න බෑ. මොකද ඒක වඩාත්ම ප්‍රායෝගික පාඩමක් නිසා.. ඒත් මම කියන්නම් මෙහෙම මේකෙන් වෙඩි තියන්න පුලුවන් වෙඩි වර්ග දෙකක්
කෙටි පොකුරු උන්ඩ සහ දිගු පොකුරු උන්ඩ කියල.. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..

කෙටි පොකුරු උන්ඩ කියල කියන ඒව සාමාන්‍යෙන් ගන්නෙ 500m වලට එහා ඉන්න සතුරෙකුට හරි සතුරු සමූහයකට හරි..
මොකද දුර ඉන්න සතුරාගේ ක්ශනික වෙනස් වීම නිසා ඉලක්ක පත වෙනස් වීමත්, සුලගේ බලපෑමත් නිසා පතුරම් අපතේ යාම වලක්වගන්න ඒ වගෙම මේකෙන් උන්ඩ 2-3 ක් තමා නිදහස් වෙන්නෙ..මොකද යුධ භූමියක පතුරම් රන් හා සමානයි..(පොප් රිලීස් පොප් රිලීස් කියලයි මේ වර්ගය වෙඩි තියන්නෙ.. මේකෙ පොප් කියද්දි ටිගර් එක තද කරනව රිලීස් කියද්දි ටිගර් එක අතාරිනව..)

දිගු පොකුරු උන්ඩ කියන්නෙ අනික් එක.ඒක වෙඩි තියන්නෙ 500m න් මෙහා ඉන්න සතුරට මොකද මම කලින් කීව හැම දේම මේකෙදී නෑනෙ.ඉලක්ක පතත් පේනව .. උන්ඩ පොකුරක් එක තැනට පතිත කිරීමේ හැකියාවත් තියනව...මේකෙදි උන්ඩ 5-8ක් අතරෙ වෙඩි තියන්නෙ..(පොප් පොප් රිලීස් කියල වෙඩිතියන්නෙ)

අනිකව වගේම මේකෙත් පොඩි ආබාද කිහිපයක් තියෙනව
ප්‍රදාන වශයෙන්ම ආබාද කොටස් දෙකයි..
ඒ ඇති වන ආබාද සහ ඇති විය හැකි ආබාද කියල..

ඇති විය හැකි ආබාද නම් අවියේ ඕනෑම කොටසක් කැඩී යාම..

ඇති වන ආබාද නම්

එම්ටි ඩ්‍රම් ආබාධය
ලූස් බෙල්ට් ආබාධය
ලස් ගෑස් ආබාධය

එම්ටි ඩ්‍රම් කියන්නෙ නම් ඩ්‍රම් එකේ පතුරම් ඉවරයි අවියට පතුරම් යන්නෙ නැ.. ඒකට වෙන ෆිල් ඩ්‍රම් එකක් ගහගන්න එක

ලූස් බෙල්ට් කියන්නේ බෙල්ට් එක පොඩ්ඩක් බුරුල් එකට ..ඒකට අපි බෙල්ට් එක පොඩ්ඩක් ඇද්දම හරියනව.

ලෙස් ගෑස් කියන්නෙ දිග වෙලාවක් වෙඩි තැබීම නිසා ගෑස් රෙගියුලේටර් එකෙන් ගෑස් යන්නෙ නැති එකට ඒ කට කරන්නෙ රෙගියුලේටර් එකේ තියෙන අංකය වැඩි කරන එක..(1,2,3 කියල තියෙන්න්නෙ කරකවලා දාන්න.. )


හරි මෙච්චරයි කියන්න තියෙන්නෙ කට පුංචගේ අක්ක ගැන.. කියන්න ඕන මේක නියම අවියක් ගැස්මක් දැනෙන්නෙම නෑ බයි පෝට් නිසා.... ඒ වගේම පොඩ්ඩක් අමාරුයි අරන් දුවන්න එහෙමනම් මොකද පොඩ්ඩක් බර වැඩි නිසා. .. .. ඒත් අව්ලක් නෑ මොකද  ඔලුව උස්සන්නනම් බෑ. ..කියන මට්ටමෙන් ඔලුව පාත් කරවන්න මේ අවියට පුලුවන්..
සුලු යාන්ත්‍රික අවියක්.. පොඩ්ඩක් වෙනස් එකක් ලංකාව් භාවිතා කරන්නෙ නෑ.




උඩ දෙකම MMG... 



මේ HMG .. 




මේව GPMG .

මේ ඔක්කම MG ඒ කියන්නේ බර පතල වැඩි උනත් එකම පවුලේ අය..



ලියනවට වඩා මේක හොදයි නේද ..ක්‍රියාකාරීත්වය .



මේ LMG එකකින් වෙඩි තැබීමක්...



හරි එහෙනම්... අඩුපාඩු දැක්කොත් කමෙට් එකක් දාන්න මට කරන උඩවුවක් විදියට.. සුභ දවසක්......

Sunday, November 12, 2017

සරලයි බයයි - 40





මම අද කියන්න යන්නෙ වැඩි විස්තරයක් නැති සරලව, ප්‍රහාරයක් දෙන්න පුලුවන් අවියක් ගැන.. හරි වැඩි කතාවක් ඕනනෑ.. පටාන් ගමු....
මුලින්ම මම පොඩි හැදින්වීමකින් පටන් ගන්නම්..මේ 40mm ග්‍රනේඩ් ලෝන්චර් එක..

දැනට ලංකාවේ හමුදාව මේ අවි වර්ග දෙකක් භාවිතා කරනව HK සහ CIS කියන අවි දෙක, මේකෙන් Hk එක නිශ්පාදනය කරන්නේ බටහිර ජර්මනියෙ හැක්ලර් ඇන්ඩ් කොච් සමාගමෙන් ඒ වගේම CIS එක හදන්නෙ සිංගප්පූරුවේ චාර්ටඩ් ඉන්ඩස්ට්‍රිස් කියන සමාගමෙන්. මේ අවි දෙකේම හැම දේම එක වගේ දාන බෝම්බත් එකයි.. ඒ වගේම හමුදාවෙනම් මේ අවියක් දෙන්නෙ ඛන්ඩ භාර සැරයන්ට විතරයි..

ඒ වගේම

ග්‍රෙනේඩ් ලෝන්චර් එකේ දෙපැත්තෙම ආරක්ශක ඇනය තියෙනව , තියෙන්නෙ කෙටි බැරල් එකක්, බෝම්බය කවන්නෙ බැරලයට පිටුපසින් (බ්‍රිච් ලෝඩින්), මේ අවියෙන් ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් කියන දෙවිදියටම පහර දීමෙ හැකියාවක් තියෙනව, මේකට සයිට් වර්ග දෙකක් තියෙනව(ෆිට් සයිටයක් සහ ලැඩර් සයිටයක්)

මේ අවියටත් බෝම්බ වර්ග කිහිපයක් භාවිතා කරන්න හැකියාව තියෙනව

HE බෝම්බ (හයි එක්ස්ප්ලෝස්ව්)
WP බෝම්බ (වයිට් පොස්පරස්)
SMOKE බෝම්බ (දුම් ආවරනයක් ගන්න)
විශ වායු බෝම්බ
අභ්‍යාස බෝම්බ(පුහුනුව සදහා)

මේවගෙන් මම හිතන්නෙ ලංකාව HE භාවිතා කරනව, අනික්වනම් මට වැඩි ගානක් නෑ..
බෝම්බ 6ක් දැමිය හැකි ග්‍රනේඩ් ලෝන්චරයක්.. ශ්‍රී ලංකාවේද භාවිතා කරයි



තාක්ශනික විස්තර ගැන කතා කලොත්
මුලින්ම Hk අවිය ගැන කියන්නම්
කැලිබරය 40mm(බැරලයේ විශ්කම්භය )
බට් එක දිගෑරල දිහයි 683mm
බට් එක අකුලලා 463mm
බැරලය දිගයි 356mm
සින් එක එක්ක බර 2.620kg
ෆිට් සයිට් එකේ 50-150m අතර දුරක් සටහන් කරනව
ලැඩර් සයිට් එකේ 150-350m අතර දුරක් සටහන් කරනව
මසල් වෙලෝසිටි එක විදියට 75ms-1
මේකේ ලෑන්ඩ් ඇන්ඩ් ගෲස් 6x6

CIS අවියෙ

දිග 655m
බැරලය 305m
බර 2.300kg
සයිටයේ සදහන් දුර 400m
අවම දුර 25m
මරණීය හෝ තුවාල දුර 25m

බට් කොටස හකුලා ඇති HK අවියක්

CIS අවිය 



HE බෝම්බය
බර 227g
උස 99m
පැලට් ප්‍රමානය - කැබලි 700 කට කැඩේ
වෙඩි බෙහෙත් වර්ගය - පොප්ලන් චාර්ජ්
මෙම බෝම්බ ප්‍රහාරයකින් අරය 5m තුල ඇති 2mm ඝනකම ඇති ඇලුමීනියම් තහඩුවක් විනිවිද යාමේ හැකියාවක් ඇත
බෝම්බය ක්‍රියාත්මක වෙනව 10-14m අතරෙදි




හරි...එහෙමනම් මේ අවිය භාවිතා කරනවිට මේ නීති කිහිපය ගැන අනිවාර්‍යෙන් බලන්න ඕන

අවිය ගන්නා සෑම විටම ආරක්ශක භාවය තහවුරු කරල ගන්න ඕන

අවිය ආරක්ශක සංවිදානය කරද්දින් බැරලය ආරක්ශක ස්තානයකට යොමු කරන්න ඕන

වෙඩි තියන්නැතිනම් සෙෆ්ටි බට්න් එක සෙෆ්ටි පොසිශන් එකේ තියෙන්න ඕන

අවිය පරිහරනයේදි සුපරික්ශාකාරි වෙන්න ඕන

වෙඩි තැබීමකදී බෝම්බයේ ගමන් මාර්ගය පැහැදිලි වෙන්න ඕන

අවිය මිතුරු පාර්ශවයට එල්ල කරන්න බෑ

ඒ වගෙම මේ අවිය තනි කරන්නත් බෑ..

ඒ වගේම මේකෙන් වෙඩි තියන්න පුලුවන් 
ඉරියව් තියෙනව 4ක් 

බිම දිගා වෙලා
දනහිසෙන් හිද
වාඩි වී
සිටගෙන


ඒ වගේම මේ අවියෙ ආබාද තියෙන්නෙ 2යි ඒ
හෑන්ඩ් ෆයර් ආබාදය සහ මිස් ෆයර් ආබාදයයි

හෑන්ඩ් ෆයර් කියන්නෙ මේ බෝම්බයට දාල තියෙන පොප්ලන් චාජ් වෙඩි බෙහෙත් දැල්වෙන්න පොඩි වෙලාවක් යන එක.. ඒක පොඩි වෙලාවකින් දැල්විලා බෝම්බය යනව

මිස් ෆයර් කියන්නෙනම් මේ බෝම්බයේ ප්‍රයිමරි එකේ අව්ලක් ඒකට කර්න්නෙ බෝම්බය ඉවත් කරල වෙන එකක් දාල ගහන එක..

ආධාරක වෙඩි බලයක් සදහා යොදාගන්නා අවියක්


මෙච්චරයි මේ අවිය ගැන කියන්න තියෙන්නෙ...

මේ අවිය ගැන කීවොත් හොදම අවියක් ...සාමාන්‍යෙන් මේක හදල තියෙන්නේ අපට හැන්ඩ් ග්‍රනේඩ් එකක් ගහන්න පුලුවන් උපරිම දුරයි මෝටාර් එකක් ගහන්න පුලුවන් අවම දුරයි අතරෙ ඉන්න සතුරු සමූහයකට පහර දෙන්න..හැබැයි මේක කෙලින් වදින්න ඕන.මේක උඩ කොහෙහරි වැදිල පිපුරුනොත් නම් වැඩි ප්‍රතිපල තියෙනව.. නැතිනම් අර ග්‍රනේඩ් එක වගේ බිම දිගා වෙලා ඉන්න අය බේරෙන්න වැඩි ඉඩක් තියෙනව.. 

මේකෙන් වෙඩි තියද්දින් වැඩි බැරල් ජම්ප් එකක් එහෙමත් නෑ.වැඩි සද්දෙකුත් නෑ.






මේ hk අවියක් .. පොඩ්ඩක් බලන්න අදහසක් ගත්තැහැකි...

මෙච්චර තමා මේ ගැන කියන්න තියෙන්නෙ ...  කොහොමද ලිපිය, ලිපියෙ අඩුපාඩු එහෙම තියෙනවනම් කමෙට් එකක් දාන්න ... සුභ දවසක් ..




Friday, November 10, 2017

උණ බම්බුවයි,කෙසෙල්මුවයි - 60


මම කලින් ලිපියෙන් කියල තිබුන මේ ලිපිය දාන්නම් කියල .. පලමුවෙන්ම සමාව ඉල්ලනව මේ විස්තර ගොඩාක් කෙටි කරල දාල තියෙන්නෙ මොකද මේ කියල දෙන්නත් ඉගෙන ගන්නත් මාරම අමාරු අවියක්... හොදයි එහෙනම් කියවලා බලල කමෙට් එකක් දාන්න..

මේ අවියනම් ගොඩාක් පරන තාක්ශනයකට තමා හදල තියෙන්නෙ.ඒ කියන්නෙ. ... හොදයි මම මුල ඉදන්ම පටන් ගන්නම් දැනට අවිය පොඩ්ඩක් අමතක කරන්න.
මිනිසා දියුනු වීගෙන එන ගමනෙදි තමන්ගේ සතුරාට පහර දෙන්නෙ කොහොමද හිතන්න..මුලින්ම තමන්ගේ ඇගේ හයියෙන් අතින් පයින් ගහනව , ඊට පස්සේ මේක ඊට වඩා ලේසි කියල ලග පාත තියෙන පොල්ලක් අරන් ගහනව, ඒක ලගට ගිහින් අවදානමක් ගන්න ඕන නිසා හයිය තියෙන රිටක් නවල ඒකෙන් දුන්නක් හදල ඒකට ඊතලයක් හදල ඒක තියල විදිනව... ඇත්තටම ඒක පොඩ්ඩක් හොද ක්‍රමයක් ඒත් ඇත්තටම සමූහයකක් එකවර අඩපන කරන්න මේ ක්‍රමය සාර්ථක වෙයිද ? දහයක් පහලවකනම් පුලුවන් ඒත් හාරසීයක් පන්සීයක් හිටියොත්, ඒ අය එක්ක මුහුනට මුහුනලා ෆයිට් එකක් දෙනවට වඩා ලේසි නැද්ද මගින්ම අඩපන කරන එක..අන්න ඒ නිසා ඔවුන් හොයාගත්ත ගලක් වගේ දෙයක් උඩින් යවල සතුරු සමූහයක් එකවර අඩපන කරන ක්‍රමයක් (අර සූර පප්ප එකේ වගේ කැටපෝල ) ඊටත් පස්සෙ කලුකුඩු හොයාගත්තට පස්සෙ ගල වෙනුවට බෝම්බයක් තියල යවල ..හොද ප්‍රතිපල ලබාගත්ත .. අන්න ඒක තමයි මම අද කතා කරන මෝටාර් අවි ඉතිහාසය..
හොදයි ..මම හැමදාම වගේ මුලින්ම කියන්නම් මේ අද කතා කරන අවියේ ඉතිහාසය ගැන පොඩ්ඩක්..

            මෝටාර් අවියේ පලවෙනි අදහස



මේ 60mm මෝටාර් එක 1963 දී චීනය විසින් තමා පලවෙනි වතාවට නිශ්පාදනය කලේ ඒක තද කොල පාටයි.. ඊට පස්සෙ පකිස්ථානය හැදුව ඒක ලා කොල පාටයි.. අද වෙනකොටනම් අවි නිශ්පාදනය කරන හැම රටකම වගේ මේ අවිය නිශ්පාදනය කරනව..ඒත් ලංකාවට ගෙන්නන්නේ චීන එකයි, පකිස්ථාන් එකයි විතරයි..ලොකු විස්තරයක් නෑ..ඉතිහාසය ඔච්චරයි..


චීන අවිය - 60mm Motar



තාක්ෂණික විස්තර ගැන කතා කළොත්

අවියේ කැලිබරය තියෙනව       60.75mm ක්
(කැලිබරය = බැරලයේ විශ්කම්භය)
බැරලයේ දිග                           605mm ක් වෙනව..
ඒ වගේම අවිය බරයි               12.5kg,
බේස් ප්ලේට් එකේ බර            3.4kg
බයිපෝට් එකේ බර                 4.6kg
බැරලයේ බර                          4.5kg
චීන අවියෙන් වෙඩි තැබිය හැකි උපරිම දුර       1410m
චීන අවියෙන් වෙඩි තබන්න පුළුවන් අඩුම දුර  137m
පකිස්ථාන අවියෙ වැඩිම දුර                            1495m
පකිස්ථාන අවියේ අඩුම දුර                             153m
HE බෝම්බයක බර                1.3kg
බෝම්බයේ කැලිබරය             60m
මසල් වෙලෝසිටි එක
           චාජරයක් නැතුව         60-70 ත.මී
           චාජර් එකක් දාලා       80 - 91 ත.මී
           චාජර් දෙකක් දාලා     110 - 115 ත.මී
           චාජර් තුනක් දාලා      134 - 140 ත.මී
හරි..

ඉස්සල්ල අවිය වගේම මේ අවිය භාවිතා කරද්දිනුත් පිලිපදින්න ඕන නීති කිහිපයක් තියෙනව මේව පිලිපැද්දෙ නැතිනම් වෙන්නෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න.එක්කෙනෙක්ට නෙමේ..මෝටාර් ගෲප් එකටම..

1. මේ අවිය ස්ථානගත කිරීමේදි උස් ගමන් පථය ආවරනය නොවෙන තැනක තමා ස්ථානගත කරන්න ඕන.
2. මේ අවියට බෝම්බ කැවීමේදී ,වේගෙන් සහ කෙටිම මාර්ගයෙන් අත පහලට කපන්න ඕන.
3. අවිය ස්ථානගත කරද්දින් රළු බොරළු නැති ස්ථානයක් වෙන්න ඕන.
4. අවියට බෝම්බ කැවීමේදී අවියට පිටුපසින් කිසිවෙක් නොසිටිය යුතුයි.
5. වෙඩි නොතබන සෑම අවස්ථාවකදීම අවියෙ මසලය මසල් කප් එකකින් වහල තියන්න ඕන.



ඒ වගේම මේ අවියෙ ප්‍රධාන කොටස් තුනක් තියෙනව
1. බේස් ප්ලේට්.
2. බයිපෝට් ගෲප් එක.
3. බැරල් එක.




මේ කොටස් වල තියෙනව තවත් කොටස් 25ක් විතර මම ඒව ගැන කියන්නෙ නෑ.මොකද මේ අවිය එච්චර දකින්න ලැබෙන අවියක් නෙමේනෙ. වැඩක් නැ කියල හිතෙන නිසා..

මේ අවිය අනිවාර්‍යෙන්ම  සුද්ද කරන්න ඕනේ වෙනවා ඒ්
* මෙම ජීව වෙඩි තැබීමකට පෙර සහ පසු, අවිගාරයක කාලයක් අවිය තිබ්බට පස්සේ,
* අපිරිසිදුයි කියලා හිතන හැම වෙලාවකම වගේ සුද්ද කරන්න ඕනේ සහ පුහුණුව සඳහා සුද්ද කරනව..

ඒ වගේම මේ අවියකට එකනව ටූල් කිට් එකක්, අවියකට එක ගානේ.. ඒ ටූල් කිට් එකට කියන්නෙ ඕල් ඩෝල් කට්ටලය කියල.. ඒකේ තියෙන කොටස්නම් කියල වැඩක් නෑ ..අමුතුම වචන සෙට් එකක්..



හරි මම මේ සේරම කීවේ අවිය ගැනනේ දැං කියන්නම් අවිය පාවිච්චි කරන්නෙ කොහොමද කියල.

මේ අවිය නිකම්ම පාවිච්චි කරන්න බෑ. මේක සයිට් එකක් භාවිතා කරලයි ස්ථානගත කරගන්නෙ..
හොදයි මම කියන්නම් මුලින්ම සයිට් එකක් කියන්නෙ මොකද්ද කියල..
සයිට් එකක් කියන්නෙ හමුදාවක් සතුරා සමග සම්බන්ද වෙන්න ගන්න කුඩා දෘෂ්ටි උපකරනයක් මේ පහල තියෙන්නෙ මේ මෝටාර් එකට එන සයිට් එක.
ඒ වගේම මේ සයිට් ප්‍රධාන කොටස් දෙකක් තියෙනව ක්ලොක් වයිඩ් සයිට් සහ ඇන්ටි ක්ලොක් වයිඩ් සයිට් කියල..මේ 60mm මෝටාර් එකේ සයිට් එක අයිති වෙන්නෙ ක්ලොක් වයිඩ් සයිට් ගනයට මේකට කියන නම තමා MS 02..
M = මෝටාර්
S = සයිට්
02 = මාදිලිය




1. ප්‍රමාන්නයෙන්  කුඩයි
2. රැගෙන යාමට අැති පහසුව සහ ඉතා ඉක්මනින් සවිකර ගැනීෙම් හැකියාව
3. අංශක 10.5 ක කෝනයක් අාවරණය වන පරිදි ඒ් තුලින් බැලීෙම් හැකියාව
4. වස්තුවක් 1x2 ලෙස දර්ශණය වේ
5. ඔබ්ජෙක්ටිව් ග්ලාස් ඒක 4mm වේ
6. රබර් අයි ගාඩ් ඒකේ සිට  අයි ලෙන්ස් එක දක්වා දුර 20mm ක දුරක් අැත

ඒ් වගේම මේ සයිට් ඒකේ තාක්ෂණික ගතිලක්ෂන ගැන කතා කලොත්

1. සයිටය සමග පෙට්ටිය බරයි 775g ක්
2. සයිටය විතරක් බරයි 410g ක්
3. අංශක 45 සිට 85 දක්වා කෝන ගැනීමේ හැකියාවක් හා මිල්ස් 200ක ප්‍රමාණයක් සයිටය වමට හෝ දකුණට හැරවීමේ හැකියාවකුත් තියෙනව.

ඒ වගේම මේ සයිටය ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනව
හෙඩ් කොටස සහ බොඩි කොටස කියල.. (ඒ කොටස් දෙකේ තියන ඒව මම මේකේ ලියන්නෙ නෑ...)

හරි..  එතකොට කොහොමද මේ සයිට් එකෙන් බලල හරියටම දුර තියෙන ඉලක්කයකට හරියටම මෝටාර් ප්‍රහාරයක් දෙන්නේ.. ඒකට භාවිතා කරනව රේන්ජ් කාඩ් එක කියල එකක් .. ඒක පොඩි චාර්ට් එකක්..කෙටියෙන්ම කීවොත් රේන්ජ් කාඩ් එක කියන්නෙ මොකද්ද කියල රේන්ජ් කාඩ් එකක් කියන්නෙ අංශක මිල්ස් බවට පත් කරමින් සාදාගන්නා ලද ගනිතමය වගුවක් ..ඒකේ තියෙනව අපි හිතමුකෝ අපට මෝටාර් එකක් ගහන්න ඕන අපට වඩා 137 m ක් ඈතින් තියෙන ඉලක්කයකට , එතකොට අපි මෝටාර් බැරල් එක පොලවෙ ඉදන් කොච්චර දුරට උස්සන්න ඕනද කියන එක තියෙන්නෙ මේ රේන්ජ් කාඩ් එකේ..



හරි එතකොට මම දැනට කීයල තියෙනව මොකද්ද මෝටාර් එකක් කියන්නෙ සහ කොහොමද මොකෙන්ද මෝටර් ඉලක්කයක් ගන්නෙ කියල . . . .  (මේ මෝටාර් එකෙ විස්තර ගොඩක් තියෙනව මම ලියල තියෙන්නෙ සාමාන්‍යයෙන් දැන ගන්න ඕනම ඒව විතරයි.)
 මෝටාර් එකක් තනියම යුධ භූමියකට ගෙනියන්නත් බෑ.තනිවම ගහන්නත් බෑ.. මේකට ඉන්නව තුන්දෙනෙක්..no1, no2, no3 කියල, මේ අයට ගෙනියන්න තියෙන බඩු භාහිරාදියත් වෙනස් වෙනව, සාමාන්‍යෙන් මේ තුන්දෙනා එකති වෙලා මෝටාර් බෝම්බ 36, මෝටාර් අවියක්, ඕල්ඩෝල් කට්ටලය සයිටය , ඒමින් පිකට් එකක් කියන සේරම..එතකොට හිතන්න තමන්ගේ පුද්ගලික අවිය පතුරම් සහ බඩු භාහිරාඩිය එක්ක කොච්චර බරක් ඇතිද සහ ඒ බර අරන් සෙබලෙක් යන්න කොච්චර ශක්ති ප්‍රමානයක් ඕනද කියල ... හරි මම ඒ මැදින් දැම්මෙ පොඩි ඇඩ් එකක්..

මේ නම් 60mm මෝටාර් බේස් ප්ලේට් එකක් නෙවේ 81mm මෝටාර් එකක බේස් ප්ලේට් එකක්


අපි යුද භූමියක යනකොට අපට හදිස්සියේ මේක lay කරගන්න ඕන කියල හිතමිකෝ එතකොට මේක හිතුන තැනක ley කරන්න බෑ අපට මේකට ප්‍රධානව මේ කාරනා සම්පූර්ණ වෙන්න ඕන.

1. මඩ වගුරු, රලු බොරලු නොවූ භූමියක් වෙන්න ඕන,
2. උස් ගමන් පථය ආවරනය වෙන්න බෑ
3. සතුරාට නිරීක්ශනය නොව්න තැනක් වෙන්න් ඕන.

අපි එහෙම තැනක් හොයාගෙන මෝටාර් එක ley කරගෙන ගහද්දින් පලවෙනි එක ගහන්නෙ අපිබේස් ප්ලේට් එක පාගන් මොකද මේක බෙඩින් ඉන් වෙන්න ඕන.එතකොට මේ බෙස් ප්ලේට් එක සම්පූර්නයෙන්ම පොලවට කිදාබැහැල හොදට ෆිට් වෙනව. ඊට පස්සෙ අපි රේන්ජ් ඉන් කරගන්නව හරියට අපේ ටාගට් එක උඩට බෝම්බයක් පතිත කරගන්න ඊට පස්සෙ තමා බෝම්බ පතිත කරල ඉලක්ක පත විනාශ කරන්නෙ මේ ඔක්කම සාමාන්‍යෙන් බෝම්බ 3කින් විතර සෙට් කරගෙන ගහන්න ගන්නව.

මේ අවියෙත් ආබාද තියෙනව අනික්වගේ වගේම 
ඇතිවන ආබාද සහ ඇතිවිය හැකි ආබාද කියල

ඇති වියහැකි ආබාද නම් අවිය කැඩී යාම
ඇති වන ආබාද නම් 

1. ඩර්ටි බැරල්
2. ෆවුල් ඉන් ද බැරල්
3. පෝල්ටි ප්‍රයිමරි.

මේ තුනම RPG එකෙත් කීව නිසා ඒ ගැන අය කියන්න යන්නෙ නෑ..

මෙච්චර තමයි මෝටාර් අවිය ගැන කියන්න තියෙන්නෙ.

මේ අවිය යුධ භූමියක කරන උදව්ව වචනයෙන් කියල ඉවර කරන්න බෑ. සම්පූර්ණයෙන්ම ඉදිරියට එන සතුරාට නැවත මතක් කිරීමක් කරනව තමන් නැගිටින්නෙ ජීවිතය අනතුරේ තියෙන අවස්තාවක කියල.
 හැබැයි මේකෙන් ලග ඉන්න අවට වෙඩි තියන්න බෑ. ඒ වගේම මෝටාර් පිකප් වෙන සද්දෙට අනෙක් පාර්ශවය ඩවුන් යනව. ඒකයි ඒ වගේම චාජර් දැම්මම සෑහෙන කාලයක් තියෙනව උඩ, ඒක අපට හොදටම බලන්න පුලුවන් මෝටාර් ගන් 4කට චාජර් නැතිව, චාජර් 1,2,3 දාල බැට්‍රි ෆයර් එකක් දුන්නම (බැට්‍රි ෆයර් = බැට්‍රියක් කියන්නෙ ආටි ගන් සමූහයක් එකවර දෙන ෆයර් එකක්) ඒ වගේම මේ අවියෙන් හරියටම මෙතනට ගහනව කියල ගහන්න බෑ. මොකද මේකේ අවියෙ කැලිබරයෙත්, බෝම්බයේ කැලිබරයෙත් අතරෙ 0.75mm ක වෙනසක් තියෙනව ඒ නිසා අපි ගහන බේම්බය වර්ග මීටර් 10ක් ඇතුලෙ ඕනෑම තැනකට වැටෙන්න ඉඩ තියෙනව.

මෝටාර් බෝම්බ


60mm මෝටාර් අවිය


මෝටාර් බෝම්බයක්

තැනට සුදුසුව අවිය හැසිරවීම




81mm මෝටාර් අවියක් .. 


ටිකක් ලොකු මොටාර් එකක් මේව දැනට කාලතුවක්කු හමුදාව භාවිතා කරන්නෙ.

රාත්‍රියේදී නිරීක්ශනය වෙන්න අවස්තාව වැඩී



මෙහෙමයි මෝටාර් ගහන්නෙ


දාන්න තියෙන චාජර් ටිකට වග කීවම මෙහෙමත් වෙනව


හොදට බලන්න ..මමනම් දැක්කෙ බැරල් එකට බෝම්බ දෙකක් දානව


හරි දැන්නම් ලිපිය ගොඩාක් දිගයි.. අදට ඇති..ඉක්මනින්ම තවත් අවියක් ගැන ලිපියක් දාන්නම්.. සුභ දවසක් 

















Wednesday, November 8, 2017

පොඩිඩ වැඩ්ඩ.. අංක 36




මම කලින් කීව වගේම මම හදාගත්ත මේ ලිපියත්, හැබැයි පොඩ්ඩක් පරක්කු උනා මුලින්ම ඒකට සමාව ඉල්ලනව.මම හිතනව අඩුපාඩු අඩුයි කියල, ඒත් අඩුපාඩුවක් දැක්කොත් කමෙට් එකක් දාන්න ඒක මට කරන ලොකු උදව්වක්..
මම ඉස්සල්ලම කරන්නම් මේ අවිය පිලිනද පොඩි හැදින්වීමක්.. අපි සරලවම පටන්ගමුකෝ..
මෙහෙමයි ලෝකයේ විවිද බෝම්බ වර්ග තියෙනව ඒව ප්‍රදානව කොටස් දෙකකට බෙදෙනව කාල බෝම්බ හා පීඩන බෝම්බ කියල ඒවගෙන් මම අද කතාකරන අත් බෝම්බය අයිති වෙන්නෙ කාල බෝම්බ ගනයට..ඒ වගේම අත් බෝම්බයක් කියන්නෙ සරලවම කීවොත් ප්ලැග්මටේශන්, කම්පියුස් සහ ගෑස් යන ආකාර තුනෙන් සතුරාට විශ්මය දනවන අයුරින් ක්ශනිකව ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන් අංශු වලින් හැදුන කුඩා ප්‍රමානයේ අවියකට.
(ප්ලැග්මටේශන් = කොටස් වැදීමෙන්
කම්පියුස් = කම්පනයෙන්
ගෑස් = විශ වායු ආධාරයෙන් )
හරි දැං මම පටන්ගන්නම් අත් බෝම්බය ගැන..
ඉස්සල්ලම කියන්නම් ඉතිහාසය
මේක හැදුවේ මහා බ්‍රිතාන්‍යයේ අපිට කියලනම් දෙන්නෙ 1941 කියල ඒත් මම වීකි ව්ලනම් දැකල තියෙනව මීට වෙනස් අවුරුදු ඒක ඔයාලත් බලන්න පොඩ්ඩක් .ඒවගේම මේක හැදුවේ මිල්ස් කියන පුද්ගලය ඒක රාත්තල් 1.5 ක්බරකින් යුක්තව හැදුවෙ යුධ අගල්, බංකර ඇතුලේ ඉන්න සතුරු සමූහයන් එකවර විනාශ කිරීම සදහා..
මේ අවියේ තාක්ශනික පැත්ත ගැන කතා කලොත්
බෝම්බය බරයි රාත්තල් 1.5
2080 බෙරටෝන් කියන වෙඩි බෙහෙත් වර්ගයෙන් මේක නිශ්පාදනය කරල තියෙන්නෙ
ඒ වගේම මරණීය දුර විදියට මීටර් 15ක් දුරක් තියෙනව, මරණීය හෝ තුවාල සිදුවීමේ දුර විදියට මීටර් 25ක දුරක් කියනව..
ඒවගේම මේ බෝම්බයේ ආවරනය චීනච්චට්ටි වලින් හදල තියෙන්නෙ..කොටස් 36 කට බෙදල තියෙනව.
මේ බෝම්බය වෙඩි බෙහෙත් දාන්නේ නැතිව තවත් මාදිලි 02ක් තියෙනව ඒ උපදේශක බෝම්බය සහ අභාස බෝම්බය කියල ,
උපදේශක බෝම්බය

ඒ මේ වගේ හරස් කැපුමක් තියෙන බෝම්බයක්




අභ්‍යාස බෝම්බය
මේ බෝම්බය සුදු පාටයි ඒ වගේම ඇතුලත් පොඩි සිදුරකුත් තියෙනව ක්‍රියාකාරීත්වය බලන්න පුලුවන් වෙන්න.

ඒ වගේම මේ බෝම්බය භාවිතා කරන වෙලාවට මේ නීති කිහිපයනම් අනිවර්‍යෙන්ම පිලිපදින්න ඕන 

1. බෝම්බය අතින් අතට මාරු කරන්න බෑ
2. බෝම්බය භාවිතා නොකරන සෑම විටම ජීවය ඉවත් කර තිබිය යුතුයි
3. බෝම්බය විසි කරන සෑම විටම ග්‍රනේඩ් කියා කෑගැසිය යුතුයි
4. බෝම්බය අතට ගන්න සෑම අවස්ථාවකදීම පිටත ආරක්ශාව කරන්න ඕන

ඒ වගේම මේ බෝම්බය අපි අතට ගද්දි ආරක්ශක භාවය බලන්නෙ මෙහෙමයි..
ඉස්සල්ලම මේක වටෙන් මලකඩ කාලද සේෆ්ටි පින් එක ගැලවිලාද කියල බලල අතට අරන් මේකේ බේස් ප්ලේට් එක ගලවනව ගලවලා මේකේ ජීවය තියෙනවනම් ඒක අයින් කරල ආපහු බේස් ප්ලේට් එක වහනව.

ඒ වගේම මේ අවිය ගැලවීම ගැන කීවොත් මෙහෙමයි ගලවන්නෙ.(හැබැයි පොතෙන් පීනන්න ඉගෙන ගන්න බෑ)
බොම්බය හරියට අතට ග්‍රිප් වෙන්න අල්ලගෙන මේකෙ බේස් ප්ලේට් එක ගලවනව ඊට පස්සෙ මේකෙ සේෆ්ටි රින් ඇන්ඩ් පින් ගලවගන්න පුලුවන්, ඊට පස්සෙ මේක යට කොටස හිර වෙන්න මේසයක් උඩ තියල අල්ලගෙන් ස්ටයිග ලිවර් එක නිදසස් කරනව, ඒත් එක්කම ස්ටයිගරය ස්ටයිගර් ස්ලොට් එකෙන් මිදිල ස්ටයිගර් ලක්ස් මේසය මත වදිනවත් එක්කම හිර වෙලා තියෙන ස්ටයිගර් ලිවර් එක ගැලවෙනව.ඊට පස්සෙ ස්ටයිගර් එක සහ ස්ටයිගර් ස්ප්‍රින් එක අතට ගන්න පුලුවන්... එච්චරයි..මේක සුද්ද කරන්නෙ දත් බුරුසුවකින් සහ ලේන්සුවකින්..
ඒ වගේම මේකේ තියෙනව ස්ටයිගර් පරීක්ශාව කියල දෙයක් ..ඒ කියන්නෙ මේක ගැලෙව්වොත් අනිවාරෙන්ම ස්ටයිගර් එක වැඩද කියල බලල තමයි බේස් ප්ලේට් එක සවි කරන්න ඕන.

ඒ වගේම මම ඉස්සල්ල කීව ජීවය කියල දෙයක් ගැන ..ඒක ගැන පොඩ්ඩක් මම කියන්නම් ..මේකෙන් තමා බෝම්බය වැඩ කරන්නෙ.ඒ කියන්නෙ පුපුරන්නෙ. ජීවය කියල කියන්නෙ ඩෙටනේටර් එකකුයි, වෙඩි නූලකුයි,කැප් එකකුයි එකට අමුනලා තියෙන කොටසක් . ජීවය වර්ග තුනක් තියෙනව ඒ
තප්පර 4, තප්පර 5, තප්පර 7 කියන වර්ග තුන ඒව අදුන ගන්න පුලුවන් තප්පර 4 තියෙන එකේ සේවා නූල රතු පාට වලල්ලක් දාල තියෙනව, තප්පර 5 ක් තියෙන එකේ සේවා නූලෙ එක කොටසක් රතු පාටයි, තප්පර 7ක් තියෙන එකේ සේවා නූල මුල කලු පාට වලල්ලක් දාල තියෙනව.

(මම මේ තප්පර 4,5,7 කියල කීවේ ඒ වෙලාවට තමා මේ බෝම්බය පුපුරන්නේ..)

මේ බෝම්බ අපට එන්නෙ බෝම්බ පෙට්ටියක ඒ පෙට්ටියක බෝම්බ 12ක් හා ෆියුස් (ජීවය)12ක් තියෙනව..


ක්‍රියාකාරීත්වය ලියනවට වඩා මේක පැහැදිලී නේ....


හරි ..

එතකොට මේ බෝම්බයක් විසි කරන්නෙ ආවරනයක සිට මේ ආවරණ ප්‍රධාන කොටස් 02ක් තියෙනව 

1. ස්වාභාවික ආවරන
2. කෘතීම ආවරන




මේ ආවරනත් තව කොටස් 03කට බෙදනව

උස් ආවරන
මිටි ආවරන
පහත් ආවරන කියල





උස් ආවරන කියන්නෙ හිටගත්තම අපිව නොපෙනෙන ඒව

මිටි ආවරන කියන්නෙ නීලින් ගියහම අපිව නොපෙනෙන එක

පහත් ආවරන කියන්නෙ මේකට අපි බිම දිහාවෙන්නම ඕන.. 
හැබැයි යුධ බිමකනම් මේ කිසි දෙයක් බලන්නෙ නෑ. අපි බලන්නෙ අපේ ආවරනය ඝන ආවරනයක්ද, මෘදු ආවරනයක්ද කියල විතරයි .
මොකද අපි කවර් එකක් ගන්න ඕන ඝන ආවරනයකට විතරයි...



මෙච්චරයි ග්‍රනේඩ් ගැන කියන්න කියන්න තියෙන්නෙ ..


මේ ග්‍රනේඩ් කකුල් දෙක ලගට වැටුනත් අව්ලක් නෑ.ඕන වෙන්නේ සිහිය එලඹ ගැනීම පමනයි ..මොකද මේ අත් බෝම්බය පුපුරලා යන්නෙ අංශක 45ක් කෝනයකට මේක බිමට වැටුනොත් අනිවාරෙන් මැරෙන්නෙ නැතිව බේරෙන්න පුලුවන්, ඒ ඉන්න තැනම ප්‍රෝන් ගිහින්(බිම දිගාවෙලා) හැබැයි... නො 32 ග්‍රනේඩ් එකක් නම් ඒක පොඩ්ඩක් අව්ල මොකද ඒක පොඩ්ඩක් සැරයි, ඒ වගේම ඒක විශයි මිනිත්තු කිහිපයක් යනකන්, ආගස්ට් එකක් වැටුනොත් කරන්න තියෙන්නෙ පුලුවන් තරම් දුරට පැනල ප්‍රෝන් යන එක, මොකද මම භාවිතා කරල තියෙන ග්‍රනේඩ් වලින් වැඩිම සැර ග්‍රනේඩ් එක ආගස්ට් ඒකට පොඩි කම්පනයක් දෙන්න පුලුවන් ..ඒ හැර දැනටනම් ආමි එකට එන්නෙ පොඩි මැංගුස් ගෙඩියක් තරම් සයිස් එකක් ඒකනම් වැඩක් නෑ. ගිය අවෘද්දේ පාඨමාලාවකදී මගෙ ලගටත් වැටුන ඒකේ සද්දෙ ටිකක් තියෙනව කම්පනයක් නෑ. හැබැයි මේ මොකක් උනත් උඩදි පිපිරුවොත් හරි විනිවිද යන දේක ඒ කියන්නෙ ලෑලි මේසයක් වගේ එකක් උඩට වැටිල පිපුරුවොත්නම් ලග ඉන්න කෙනාගෙ ඉරනම වෙනස් වෙනව...එච්චරයි මේ ගැන කියන්න තියෙන්නෙ..



මේ මම කලින් කීව No 36 live granead 



මේ දැනට බහුලව භාවිතා කරන අත් බෝම්බ වර්ගයක්.


ෆියුස් එක නැතුව ග්‍රනේඩ් එකක් ගලවලා මේකේ බෝලෙ වගේ එක බෝම්බයේ බද, රව්මක් තියෙන්නේ ඒක තමා බේස් ප්ලේට් එක, ඇනයක් වගේ තියෙන්නෙ මහතට ස්ටයිගරය, ස්ටයිගර් ස්ප්‍රීන් එක, ස්ටයිගර් ලිවර් එක සහ සේෆ්ටි රින් ඇන්ඩ් පින් එක.



පිස්සු ඩයල් එකක් වැඩ පෙන්නනනව.






එලිවේශන් 590 , ඩික්ලේශන් 00......... ඊලගට මම කියන්නම් හෙන පාත් වෙනව වගේ හිටි ගැටියේ කඩා පාත් වෙන ,  හිතාගන්න බැරි තැං වලට වැටෙන චීනයේ හදපු උන බම්බුවයි කෙසෙල් මුවයි - 60. ගැන... සුභ දවසක් .....

Monday, November 6, 2017

රොකට් පොපේල් ගන් - 07


සුභ දවසක් මම කලින් දාපු ලිපියෙන් මම RPG අවිය ගැන විස්තර තියෙන ලිපියක් දාන්නම් කියල තිබුන.. ,  හොදයි මම මේ අවිය සාමාන්‍යයෙන් දැනගන්න ඕන කාරනාවේ ඉදන් අවියේ තාක්ශනික පැත්තට එනකම්ම පොඩි විස්තරයක් දෙන්නම්.. 


ඉස්සල්ලම කියන්නම්කෝ මේකට ඇයි RPG කියල කියන්නෙ කියල.. මේකයි..  R අකුරින් රොකට් කියන එක (මෙම අවියේ බොම්බයේ ගතිලක්ෂණ  ,බොම්බය ගමන් කරන ආකාරය අනුව හා බෝම්බයේ ගමන් මාර්ගයේ ගතිලක්ෂණ අනුවත් මෙම අවියට රොකට් යැයි කියයි.) , P අකුරින් " පොපේල් " (වේගය(මතක හැටියටනම් මේක රුසියන් වචනයක්) ඒ වගේම G අකුරින් ගන් (අව්ය)කියන එකත් කියනව..


හොදයි මුල ඉදන්ම ලියන්නම් මුලින්ම  අවියේ ඉතිහාසයේ සිට...මෙහෙමයි..
ලෝකයේ බලවත් රටවල් ප්‍රබල අවි තරගයක නිරතව සිටියදී ඇමරිකාව ඉන් ජය ලබමින් සන්නාහ සන්නද්ධ රථයක් නිර්මාණය කිරීමට සමත්වුනා ඊට පස්සේ අනෙක් සියලු රටවල් භීතියට පත් කරමින් ඔවුන් වෙනත් රටවල් යටත් කර ගැනීමට පෙලබීම හේතුවෙන් එවකට ලෝකයේ අනෙකුත් ප්‍රබල රටවල් වන රැසියාව, ජර්මනිය වැනි රටවල් එම සන්නද්ධ රථය විනාශ කිරීමට අවියක් නිපදවීමට උත්සාහ කලා, මේකේ  ප්‍රතිපලයක් විදියට තමා ජර්මන් ජාතික හියුමන් මොනාරෝ කියන අවි විද්‍යාඥයා විසින්, අති ප්‍රබල වෙඩි බෙහෙත් උපයොගී කර ගනිමින් පුනිල හැඩැති බොම්බයක් නිපදවා එය 110 මිමි ඝණ තහඩුවක් විනිවිද යාමේ හැකියාවක් ඇති බව සොයාගත්තේ..   මේක මේ අවියේ බෝම්බයේ ඉතිහාසය. මොකද මේ අවියේ මුලින්ම හොයාගත්තේ අවියට කලින් බෝම්බය....ඊට පස්සේ, 1642 දී  ජීව්ත් වුන ලෝප්‍රකට විද්‍යාඥයෙකු වන සර් අයිසැක් නිව්ටන් විසින් ප්‍රකාශ කරන ලද ඔහුගේ 03වන නියමය වන ‘‘සෑම බලයටම සමානවුත් ප්‍රතිවිරැද්දවුත් බලයක් ඇත‘‘ යන නියමයට අනුව බර්නාලේ නැමැති පුද්ගලයා විසින්  ආර්පීජී 09 නැමැති අවියක් ග්‍රිප් 02ක් යොදා නිර්මාණය කලා.. ඊට පස්සේ ඒ තාක්ෂනය උපයොගී කරගෙන 1944 දි රැසියාව විසින් ආර්පීජී 07 අවිය නිෂ්පාධණය කල අතර එය වැඩිදියුනු කර ග්‍රිප්ප් 01 හා බයිපොටි යුවලක් හා ඔප්ටිකල් සයිටයක් සටිකිරීමේ හැකියාව තිබුන. 

මේ අවිය ලංකාවට ආවේ LTTE එක මාර්ගයෙන් .. එයාල අත් හැරල දාල ගිය අවි ගොඩක් මැද තිබිල මේ කන් පුපුරවන අවිය හොයාගත්තේ පාබල හමුදාවෙන්.
දැනට භාවිත RPG 07 අවියක් හා එයට ආවේනික බෝම්බයක්.


RPG 07 අවි පුහුනුවක්






නූතනයේ භාවිත තාක්ශනික මට්ටම් ඉහල යුධ ටැංකි.

මුල් කාලයේ භාවිත යුද ටැංකියක්



ඒ වගේම මේ අවියට යුද්ධ ටැංකි සතුරැ බංකර ගොඩනැගිලි විනාෂ කිරිමේ හැකියාව තියෙනව , ඔප්ටිකල් සයිටය හා පිට් සයිටය යොදා ගනිමින් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද වෙඩි තැබීමේ හැකියාව ඇතියෙනව, මේ  අවිය දෙදෙනෙකු විසින් පරිහරණය කරන එකක්, ඒ වගේම මෙ අවියේ බොමිබයකට 110 මිමි ප්‍රමාණයේ ඝණකම් තහඩුවක් විනිවිද යාමේ හැකියාවක් තියෙනව. ඒ වගේම මේ අවියට යොදාගන්න බෝම්බ ගැන කීවොත් බෝම්බ වර්ග 04ක් පාවිච්චි කරනව ඒව තමා...

එච් ඊ බෝම්බ(HE )
එච් ඊ ඒ ටී බෝම්බ(HEAT)
එලුමෙනේටින් බෝම්බ(ELUMINETING)
දුම් බෝම්බ(SMORK)

එච් ඊ බෝම්බය කියන්නෙ ටීඑන්ටී කියන  අදි බලැති පුපුරණ ද්‍රව්‍ය හා යකඩ බෝල යොදාගෙන නිර්මාණය කරල තියෙන බෝම්බයක් .මෙම බෝම්බ වර්ගය සතුරැ බංකර ,ගොඩනැගිලි හා සතුරැ සමුහයන් විනාශ කිරීම සදහා යොදාගන්නව.






එච් ඊ ඒ ටී බෝම්බය කියන්නේ මේ බෝම්බය ගන්නේ සන්නාහ සන්නද්ධ රථ වලට පහර දෙන්න.ඒ වගේම මේක සන්නාහ සන්නද්ධ රථය වෙත අංශක 90 ක ආනතියකින් පතිත වෙන්න ඕන එතකොට ඒක පැරන්හයිට් 3000 ක උෂ්ණත්වයක් යටතේ පුපුරා යනව වගේම ඝන යකඩය උනු කරනව.



එලුමේටින් බෝම්බ කියන්නේ වෙඩි තැබීමෙන් ගින්නක් ඇති කිරීම සදහා යොදාගන්නා බෝම්බ. මේව ලංකාවේ හමුදාව ගොඩක් දුරට ගන්නෙ නෑ. ඒත් එක පාරක් ETTE එකනම් ගත්ත වගේ පොඩි මතකයක් තියෙනව.


දුම් බෝම්බය වෙඩි තැබිමෙන් දුම් ආවරණයක් ලබා ගන්න භාවිතා කරන්නේ දැනට මේවත් ශ්‍රී ලංකාව තුල භාවිත කරන්නෙ නෑ.



ඒ වගේම මේ අවියේ වාසි / අවාසි ගැන කතා කලොත් මේ අවියෙ තියෙන වාසි තමා
මෙම අවිය මගින් සතුරැ බංකර සතුරැ ගොඩනැගිලි සතුරැ සමුහයන් මෙන්ම සන්නාහ සන්නද්ධ රථයන් විනාශ කිරීමේ හැකියාව තියෙනව, නිෂ්චල හෝ ගමන් ගන්නා සතුරැ ඉලක්කයන් වෙත නිවරැදිව පහරදීමේ හැකියාව තියෙනව, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද පහරදීමේ හැකියාවක් තියෙනව ඒ වගේම කදවුරැ ආරක්ෂාවට මෙන්ම මාර්ග බාධක වැනි ස්තානයන් ගේ ආරක්ෂාවටද භාවිත කිරිමේ හැකියාවක් තියෙනව. 



මේකේ අවාසි ගැන කතා කලොත්
මේ අවියෙන් ලග ලග මතුවන සතුරාට  පහරදාමේ හැකියාවක් නෑ, තම මිතුරැ පක්ෂය පිටුපසින් සිටියදී වෙඩි තැබීමේ හැකියාවක් අවමයි, වමෙන් භාවිත කිරීමට නොහැක (මමත් මේකට පුදුම කට්ටක් කෑව), විශාල ශබ්දයක් සමගින් විශාල ආලෝකය පිටවීම නිසා රාත්‍රී කාලයේදී භාවිත කිරිමෙන් සතුරාට නිරිශණය වීමේ හැකියාව වැඩි බව,
පැහැදිලි ගමන් මාර්ගයක් නොමැතිව අවිය භාවිත කිරීමට නොහැකි බව කියන කාරනා මේ අවියෙ අවාසි විදියට කියන්න පුලුවන් .


තාක්ෂණික විස්තර(දිග පලල ගැන)
අවියේ දිග: 910 මිමි
අවියේ බර: 5.6 කි:ග්‍රෑ
කැලිබරය: 40 මිමි
ඔප්ටිකල් සයිටය හා පෙට්ටියේ බර: 920 ග්‍රෑම්
සයිටයේ සදහන් දුර: 500 මි
ප්‍රතිඵල දායි දුර:  300 මි
බෝම්බයේ දිග:  525 මිමි (චාජරය සමග)
එච් ඊ බෝම්බයේ බර: 2.2 කි:ග්‍රෑ
එච් ඒ ඊ ටී බෝම්බයේ උෂ්ණත්වය: 3000 පැරන්හයිට්
පසු කෝණය(බැක් පයර්): අංශක 70 ක කෝණයකින් මීටර් 30 ක් දුරට
විනාඩියකට වෙඩි තැබිය හැකි බෝම්බ ගණන : 4/5 අතර (අවියේ හා හසුරුවන්නන් දෙදෙනාගේ  ගේ කාර්යක්ෂමතාවය මත)
මසල් ධාරිතාවය: පලමු මීටර 20: පැ:කි:මී 120
පලමු මීටර 20න් පසු: පැ:කි:මී 300



ඒ වගේම මේ අවිය භාවිතා කරද්දි මේ නීති කිහිපය අනිවාරෙන් පිලිපදින්න ඕන.
01. අංක 02 ගේ අනුමැතියෙන් තොරව කිසි විටෙකත් හැමරය පහත් නොකල යුතුය.
02. වෙඩි නොතබන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ඇනය ආරක්ෂක ස්ථානයේ තිබිය යුතුය.
03. අවිය බෝම්බය කවා හෝ නැතිව තනි නොකල යුතුය.
04. අවියෙන් වෙඩි තැබීමට අණ ලැබෙනතුරැ බෝම්බයේ සේප්ටි රින් එක ඉවත් නොකල යුතුය.
05. ගමන් මාර්ගය අපැහැදිලි අවස්ථාවකදී වෙඩි තැබීම නොකල යුතුය.
06. මිතුරැ හමුදා පසු පස සිටින විට වෙඩි නොතැබිය යුතුය.

මේ අවියෙන් වෙඩි තියන ප්‍රදාන ඉරියව් 03 ක් තියෙනව.

ස්ටෑන්ඩින් පොසිෂන්
නීලින් පොසිෂන්
ප්රෝන් පෙසිෂන් .. ඒක මම T56 න් කියල තියෙන නිසා නැවත ලියන්නෙ නෑ.)

එහෙමනම් මම මේ අවියේ ක්‍රියාකාරිත්වය ගැන ලියන්නම්.

ක්‍රියාකාරීත්වය කියන්නේ  ?
අවියේ ක්‍රියාකාරීත්වය කියන්නෙ නිවරැදිව බෝම්බය කවා හැමරය පහත් කර සේෆ්ටි බට්න් එක වෙඩි තැබීම් ඉරියව්වට දමා ටිගරය මිරිකනවාත් සමග අවියේ ඇතුලත කොටස්වල ඇතිවන යම් ක්‍රියාවක් හේතුවෙන් බෝම්බය පිටවීමටයි..
මේ අවියේ ක්‍රියාකාරීත්වයට මේ පහල කොටස් ඕන වෙනව.
බැරලය
ටිගර් මැගනිසම්
හැමරය
ටිගරය
ටිගර් හෙඩ් කොටස
රොඩ් හැමර් ස්ප්‍රින්
ෆයරින් පින්
ෆයරින් ස්ප්‍රීන්
සියරය
පලමු කැපුම
දෙවන කැපුම
ඒ වගේම ක්‍රියාකාරීත්වය වෙන්නෙ කොටස් 03කින් ,

කොකින් ක්‍රියාවලිය
හැමර් ක්‍රියාවලිය
ෆයරින් ක්‍රියාවලිය

කොකින් ක්‍රියාවලිය කියන්නෙ
අංක 01 ගේ අණ වචනයට අනුව අංක 02 විසින් ඉලක්කලතට ආවේනික වු බෝම්බය ගෙන අවියේ ආරක්ෂිත භාවය තහවුරැ කිරිමෙන් පසු අවියට නිවරැදිව බෝම්බය කවා එහි ඇති සේෆ්ටි රින් ඇන්ඩි කප් ගලවා ඉවත් කර පසු ආරක්ෂාව අංක 01 වෙත තහවුරැ කිරිමෙන් පසු අංක 01 විසින් අවියේ හැමරය පහත් කරනවාත් සමගම ඒහා සම්බන්ධවී ඇති රොඩ් හැමර් ස්ප්‍රිනය හකුලුවා ගනිමින් සියරය පලමු කැපුමෙන් නිදහස් වී දෙවන කැපුම හා සම්බන්ද වෙන එකට..
හැමර් ක්‍රියාවලිය කියන්නේ..
අංක 01 විසින් අවියේ සේෆ්ටි බට්න් 01 දකුනේ සිට වමට දමනවාත් සමගම ඒ හා සම්බන්ධවී ඇති සේෆ්ටි වීල් 01 දකුනේ සිට වමට ගමන් කර ටිගරය සම්පුර්නයෙන් නිදහස් කරයි.ඉන්පසු අංක 01 විසින් ටිගරය මිරිකනවාත් සමගම ඒහා සම්බන්ධ ටිගර් හෙඩ් එක ටිගර් හෙඩි එක ආදාරයෙන් සියරය මදක් ඉස්සෙනවාත් සමගම සියරය දෙවන කැපුමෙන් නිදහස් වී පලමු කැපුම හ සම්බන්ධවේ.ඒ සමගම රොඩි හැමර් ස්ප්‍රින්යේ දිගහැරීමේ බලයෙන් හැමරය වේගයෙන් ගොස් ෆයරින් පින් එකේ වදින කොටස,
ෆයරින් ක්‍රියාවලිය කියන්නෙ,
හැමරය වේගයෙන් ෆයරින් පින් එකේ වදිනවාත් සමගම ෆයරින් ස්ප්‍රින් හකුලුවා ගනිමින් ෆයරින් පින් 01 බෝම්බය් ප්‍රයිමරයේ වදි .ඒ සමගම ප්‍රයිමරය දැලිවී හටගන්නා දහනය වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ චාජරය පසුපස කොටසට ගොස් චාජරය දැල්වී වර්ග සෙන්ටි මීටර් 01 කට කිලෝ ග්‍රෑම් 920 ක ප්‍රමාණයක බලයක් උත්පාදනය කරමින් අංශක 70ක කෝණයට මීටර 30ක ප්‍රදේශයක් අනාරක්ෂිත කලාපයක් බවට පත්කරමින් බෝම්බය පලමු මීටර 20 තප්පරයට මීටර 120 ක වේගයෙන් ගමන් කර ඉන්පසු එය එය එච්ඊඒටී බෝම්බයක් නම් ෆැරන්හයිට් අංශක 3000 ක උෂ්ණත්වයක් උත්පාධණය කරමින් පුපුරා ඉලක්කපත විනාශ කරන ක්‍රියාව්ලියට..
ඒ වගේම මේ අවියෙත් පොඩි අව්ල් වගයක් තියෙනව. ඒව බෙදනව
ඇතිවන ආබාධ හා ඇතිවිය හැකි ආබාධ කියල. ඇතිවන ආබාධ තමා 

ඩර්ටි බැරල්
ෆවුල් ඉන් ද බැරල්
පෝල්ටි ප්‍රයිමර්

ඩර්ටි බැරල් කියන්නෙ අවියෙන් වෙඩි තැබීමේදී බැරලය තුල හටගන්නා රික්තක කලාපය තුලට කඩදාසි කැබලි හා දුහුවිලි ඇතුලුවීම හේතුවෙනුයි.
මෙම ආබාධය මගහරවා ගැනීම සදහා අවියේ බැරයට වයර් බ්‍රෆ් එකක් ඇතුලු කර අවිය් දෙපසින්ම නිසිආකාරව සුද්ධ කර ගත යුතුයි.

ෆවුල් ඉන් ද බැරල් කියන්නේ වෙඩි තැබීමෙන් හටගන්නා ෆවුුල් බැදීම හේතුවෙනුයි.මෙම ආබධය සමනය කරගැනීම සදහා අවියේ ඉදිරියෙන් පමනක් වයර් බ්‍රෆ් එකක් යොදා සුද්ධ කරගත යුතුයි.

පෝල්ටි ප්‍රයිමර් කියන්නෙ බෝම්බයේ ආබාධයකි. බෝම්බය වැස්සට තෙමීම හෝ තෙත් සිථානයක තිබු විටත් යම් කාලයක් බෝම්බ ගබඩා කර තිබිම හේතුවෙනුත් මෙම ආබාධය හටගන්නව.

එච්චර තාමා මේ අවිය ගැන කියන්න තියෙන්නේ ,, සොල්දාදුවෙක්ට උගන්නන දේ වලින් කොටසක් තමා මේ දාල තියෙන්නෙ. ඒ වගේම මේ අවිය ගෙනියන්නත් පහසුයි.. මේ එක්ක බෝම්බ4, 5ක් එහෙමත් අරන් යනව දැකල ඇතිනේ අර ෆොටෝ වල එහෙම තියෙනෙ ඒ වගේ පැක් එකට දාගෙන..මේ අවිය තනියම උනත් ගැටලුවක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් ඒත් හොදට හසුරුවලා පුරුද්දක් තියෙන්න ඕන... ඒ වගේම මේ අවියෙන් එක්කෙනෙක්ට වැඩි බෝම්බ ප්‍රමානයක් වෙඩි තියන්න අමාරුයි.. පොඩි කම්පනයක් තියෙනව. මටනම් කනට ගැහුව වගේ දවස් 3ක් විතර යනකන් කනේ පොඩි අමුත්තක් තියෙනව... මේක ෆෑන් එකක් කැරකිලා තමා පලවෙනි මීටර් 20න් පස්සේ යන්නෙ .. කුඩයක් වගේ එකක්.. අපේ කට්ටියනම් මිස් ෆය උන බෝම්බ වල ඒ කෑල්ල ගලවලා රේඩියෝ එකෙ ඇන්ටනාවට ගහගන්නව..... හොදයි.. මේ ඇති දැනටත් ලිපිය දිග වැඩී.. සුභ දවසක්... !


ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...