Monday, November 6, 2017

රොකට් පොපේල් ගන් - 07


සුභ දවසක් මම කලින් දාපු ලිපියෙන් මම RPG අවිය ගැන විස්තර තියෙන ලිපියක් දාන්නම් කියල තිබුන.. ,  හොදයි මම මේ අවිය සාමාන්‍යයෙන් දැනගන්න ඕන කාරනාවේ ඉදන් අවියේ තාක්ශනික පැත්තට එනකම්ම පොඩි විස්තරයක් දෙන්නම්.. 


ඉස්සල්ලම කියන්නම්කෝ මේකට ඇයි RPG කියල කියන්නෙ කියල.. මේකයි..  R අකුරින් රොකට් කියන එක (මෙම අවියේ බොම්බයේ ගතිලක්ෂණ  ,බොම්බය ගමන් කරන ආකාරය අනුව හා බෝම්බයේ ගමන් මාර්ගයේ ගතිලක්ෂණ අනුවත් මෙම අවියට රොකට් යැයි කියයි.) , P අකුරින් " පොපේල් " (වේගය(මතක හැටියටනම් මේක රුසියන් වචනයක්) ඒ වගේම G අකුරින් ගන් (අව්ය)කියන එකත් කියනව..


හොදයි මුල ඉදන්ම ලියන්නම් මුලින්ම  අවියේ ඉතිහාසයේ සිට...මෙහෙමයි..
ලෝකයේ බලවත් රටවල් ප්‍රබල අවි තරගයක නිරතව සිටියදී ඇමරිකාව ඉන් ජය ලබමින් සන්නාහ සන්නද්ධ රථයක් නිර්මාණය කිරීමට සමත්වුනා ඊට පස්සේ අනෙක් සියලු රටවල් භීතියට පත් කරමින් ඔවුන් වෙනත් රටවල් යටත් කර ගැනීමට පෙලබීම හේතුවෙන් එවකට ලෝකයේ අනෙකුත් ප්‍රබල රටවල් වන රැසියාව, ජර්මනිය වැනි රටවල් එම සන්නද්ධ රථය විනාශ කිරීමට අවියක් නිපදවීමට උත්සාහ කලා, මේකේ  ප්‍රතිපලයක් විදියට තමා ජර්මන් ජාතික හියුමන් මොනාරෝ කියන අවි විද්‍යාඥයා විසින්, අති ප්‍රබල වෙඩි බෙහෙත් උපයොගී කර ගනිමින් පුනිල හැඩැති බොම්බයක් නිපදවා එය 110 මිමි ඝණ තහඩුවක් විනිවිද යාමේ හැකියාවක් ඇති බව සොයාගත්තේ..   මේක මේ අවියේ බෝම්බයේ ඉතිහාසය. මොකද මේ අවියේ මුලින්ම හොයාගත්තේ අවියට කලින් බෝම්බය....ඊට පස්සේ, 1642 දී  ජීව්ත් වුන ලෝප්‍රකට විද්‍යාඥයෙකු වන සර් අයිසැක් නිව්ටන් විසින් ප්‍රකාශ කරන ලද ඔහුගේ 03වන නියමය වන ‘‘සෑම බලයටම සමානවුත් ප්‍රතිවිරැද්දවුත් බලයක් ඇත‘‘ යන නියමයට අනුව බර්නාලේ නැමැති පුද්ගලයා විසින්  ආර්පීජී 09 නැමැති අවියක් ග්‍රිප් 02ක් යොදා නිර්මාණය කලා.. ඊට පස්සේ ඒ තාක්ෂනය උපයොගී කරගෙන 1944 දි රැසියාව විසින් ආර්පීජී 07 අවිය නිෂ්පාධණය කල අතර එය වැඩිදියුනු කර ග්‍රිප්ප් 01 හා බයිපොටි යුවලක් හා ඔප්ටිකල් සයිටයක් සටිකිරීමේ හැකියාව තිබුන. 

මේ අවිය ලංකාවට ආවේ LTTE එක මාර්ගයෙන් .. එයාල අත් හැරල දාල ගිය අවි ගොඩක් මැද තිබිල මේ කන් පුපුරවන අවිය හොයාගත්තේ පාබල හමුදාවෙන්.
දැනට භාවිත RPG 07 අවියක් හා එයට ආවේනික බෝම්බයක්.


RPG 07 අවි පුහුනුවක්






නූතනයේ භාවිත තාක්ශනික මට්ටම් ඉහල යුධ ටැංකි.

මුල් කාලයේ භාවිත යුද ටැංකියක්



ඒ වගේම මේ අවියට යුද්ධ ටැංකි සතුරැ බංකර ගොඩනැගිලි විනාෂ කිරිමේ හැකියාව තියෙනව , ඔප්ටිකල් සයිටය හා පිට් සයිටය යොදා ගනිමින් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද වෙඩි තැබීමේ හැකියාව ඇතියෙනව, මේ  අවිය දෙදෙනෙකු විසින් පරිහරණය කරන එකක්, ඒ වගේම මෙ අවියේ බොමිබයකට 110 මිමි ප්‍රමාණයේ ඝණකම් තහඩුවක් විනිවිද යාමේ හැකියාවක් තියෙනව. ඒ වගේම මේ අවියට යොදාගන්න බෝම්බ ගැන කීවොත් බෝම්බ වර්ග 04ක් පාවිච්චි කරනව ඒව තමා...

එච් ඊ බෝම්බ(HE )
එච් ඊ ඒ ටී බෝම්බ(HEAT)
එලුමෙනේටින් බෝම්බ(ELUMINETING)
දුම් බෝම්බ(SMORK)

එච් ඊ බෝම්බය කියන්නෙ ටීඑන්ටී කියන  අදි බලැති පුපුරණ ද්‍රව්‍ය හා යකඩ බෝල යොදාගෙන නිර්මාණය කරල තියෙන බෝම්බයක් .මෙම බෝම්බ වර්ගය සතුරැ බංකර ,ගොඩනැගිලි හා සතුරැ සමුහයන් විනාශ කිරීම සදහා යොදාගන්නව.






එච් ඊ ඒ ටී බෝම්බය කියන්නේ මේ බෝම්බය ගන්නේ සන්නාහ සන්නද්ධ රථ වලට පහර දෙන්න.ඒ වගේම මේක සන්නාහ සන්නද්ධ රථය වෙත අංශක 90 ක ආනතියකින් පතිත වෙන්න ඕන එතකොට ඒක පැරන්හයිට් 3000 ක උෂ්ණත්වයක් යටතේ පුපුරා යනව වගේම ඝන යකඩය උනු කරනව.



එලුමේටින් බෝම්බ කියන්නේ වෙඩි තැබීමෙන් ගින්නක් ඇති කිරීම සදහා යොදාගන්නා බෝම්බ. මේව ලංකාවේ හමුදාව ගොඩක් දුරට ගන්නෙ නෑ. ඒත් එක පාරක් ETTE එකනම් ගත්ත වගේ පොඩි මතකයක් තියෙනව.


දුම් බෝම්බය වෙඩි තැබිමෙන් දුම් ආවරණයක් ලබා ගන්න භාවිතා කරන්නේ දැනට මේවත් ශ්‍රී ලංකාව තුල භාවිත කරන්නෙ නෑ.



ඒ වගේම මේ අවියේ වාසි / අවාසි ගැන කතා කලොත් මේ අවියෙ තියෙන වාසි තමා
මෙම අවිය මගින් සතුරැ බංකර සතුරැ ගොඩනැගිලි සතුරැ සමුහයන් මෙන්ම සන්නාහ සන්නද්ධ රථයන් විනාශ කිරීමේ හැකියාව තියෙනව, නිෂ්චල හෝ ගමන් ගන්නා සතුරැ ඉලක්කයන් වෙත නිවරැදිව පහරදීමේ හැකියාව තියෙනව, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද පහරදීමේ හැකියාවක් තියෙනව ඒ වගේම කදවුරැ ආරක්ෂාවට මෙන්ම මාර්ග බාධක වැනි ස්තානයන් ගේ ආරක්ෂාවටද භාවිත කිරිමේ හැකියාවක් තියෙනව. 



මේකේ අවාසි ගැන කතා කලොත්
මේ අවියෙන් ලග ලග මතුවන සතුරාට  පහරදාමේ හැකියාවක් නෑ, තම මිතුරැ පක්ෂය පිටුපසින් සිටියදී වෙඩි තැබීමේ හැකියාවක් අවමයි, වමෙන් භාවිත කිරීමට නොහැක (මමත් මේකට පුදුම කට්ටක් කෑව), විශාල ශබ්දයක් සමගින් විශාල ආලෝකය පිටවීම නිසා රාත්‍රී කාලයේදී භාවිත කිරිමෙන් සතුරාට නිරිශණය වීමේ හැකියාව වැඩි බව,
පැහැදිලි ගමන් මාර්ගයක් නොමැතිව අවිය භාවිත කිරීමට නොහැකි බව කියන කාරනා මේ අවියෙ අවාසි විදියට කියන්න පුලුවන් .


තාක්ෂණික විස්තර(දිග පලල ගැන)
අවියේ දිග: 910 මිමි
අවියේ බර: 5.6 කි:ග්‍රෑ
කැලිබරය: 40 මිමි
ඔප්ටිකල් සයිටය හා පෙට්ටියේ බර: 920 ග්‍රෑම්
සයිටයේ සදහන් දුර: 500 මි
ප්‍රතිඵල දායි දුර:  300 මි
බෝම්බයේ දිග:  525 මිමි (චාජරය සමග)
එච් ඊ බෝම්බයේ බර: 2.2 කි:ග්‍රෑ
එච් ඒ ඊ ටී බෝම්බයේ උෂ්ණත්වය: 3000 පැරන්හයිට්
පසු කෝණය(බැක් පයර්): අංශක 70 ක කෝණයකින් මීටර් 30 ක් දුරට
විනාඩියකට වෙඩි තැබිය හැකි බෝම්බ ගණන : 4/5 අතර (අවියේ හා හසුරුවන්නන් දෙදෙනාගේ  ගේ කාර්යක්ෂමතාවය මත)
මසල් ධාරිතාවය: පලමු මීටර 20: පැ:කි:මී 120
පලමු මීටර 20න් පසු: පැ:කි:මී 300



ඒ වගේම මේ අවිය භාවිතා කරද්දි මේ නීති කිහිපය අනිවාරෙන් පිලිපදින්න ඕන.
01. අංක 02 ගේ අනුමැතියෙන් තොරව කිසි විටෙකත් හැමරය පහත් නොකල යුතුය.
02. වෙඩි නොතබන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ඇනය ආරක්ෂක ස්ථානයේ තිබිය යුතුය.
03. අවිය බෝම්බය කවා හෝ නැතිව තනි නොකල යුතුය.
04. අවියෙන් වෙඩි තැබීමට අණ ලැබෙනතුරැ බෝම්බයේ සේප්ටි රින් එක ඉවත් නොකල යුතුය.
05. ගමන් මාර්ගය අපැහැදිලි අවස්ථාවකදී වෙඩි තැබීම නොකල යුතුය.
06. මිතුරැ හමුදා පසු පස සිටින විට වෙඩි නොතැබිය යුතුය.

මේ අවියෙන් වෙඩි තියන ප්‍රදාන ඉරියව් 03 ක් තියෙනව.

ස්ටෑන්ඩින් පොසිෂන්
නීලින් පොසිෂන්
ප්රෝන් පෙසිෂන් .. ඒක මම T56 න් කියල තියෙන නිසා නැවත ලියන්නෙ නෑ.)

එහෙමනම් මම මේ අවියේ ක්‍රියාකාරිත්වය ගැන ලියන්නම්.

ක්‍රියාකාරීත්වය කියන්නේ  ?
අවියේ ක්‍රියාකාරීත්වය කියන්නෙ නිවරැදිව බෝම්බය කවා හැමරය පහත් කර සේෆ්ටි බට්න් එක වෙඩි තැබීම් ඉරියව්වට දමා ටිගරය මිරිකනවාත් සමග අවියේ ඇතුලත කොටස්වල ඇතිවන යම් ක්‍රියාවක් හේතුවෙන් බෝම්බය පිටවීමටයි..
මේ අවියේ ක්‍රියාකාරීත්වයට මේ පහල කොටස් ඕන වෙනව.
බැරලය
ටිගර් මැගනිසම්
හැමරය
ටිගරය
ටිගර් හෙඩ් කොටස
රොඩ් හැමර් ස්ප්‍රින්
ෆයරින් පින්
ෆයරින් ස්ප්‍රීන්
සියරය
පලමු කැපුම
දෙවන කැපුම
ඒ වගේම ක්‍රියාකාරීත්වය වෙන්නෙ කොටස් 03කින් ,

කොකින් ක්‍රියාවලිය
හැමර් ක්‍රියාවලිය
ෆයරින් ක්‍රියාවලිය

කොකින් ක්‍රියාවලිය කියන්නෙ
අංක 01 ගේ අණ වචනයට අනුව අංක 02 විසින් ඉලක්කලතට ආවේනික වු බෝම්බය ගෙන අවියේ ආරක්ෂිත භාවය තහවුරැ කිරිමෙන් පසු අවියට නිවරැදිව බෝම්බය කවා එහි ඇති සේෆ්ටි රින් ඇන්ඩි කප් ගලවා ඉවත් කර පසු ආරක්ෂාව අංක 01 වෙත තහවුරැ කිරිමෙන් පසු අංක 01 විසින් අවියේ හැමරය පහත් කරනවාත් සමගම ඒහා සම්බන්ධවී ඇති රොඩ් හැමර් ස්ප්‍රිනය හකුලුවා ගනිමින් සියරය පලමු කැපුමෙන් නිදහස් වී දෙවන කැපුම හා සම්බන්ද වෙන එකට..
හැමර් ක්‍රියාවලිය කියන්නේ..
අංක 01 විසින් අවියේ සේෆ්ටි බට්න් 01 දකුනේ සිට වමට දමනවාත් සමගම ඒ හා සම්බන්ධවී ඇති සේෆ්ටි වීල් 01 දකුනේ සිට වමට ගමන් කර ටිගරය සම්පුර්නයෙන් නිදහස් කරයි.ඉන්පසු අංක 01 විසින් ටිගරය මිරිකනවාත් සමගම ඒහා සම්බන්ධ ටිගර් හෙඩ් එක ටිගර් හෙඩි එක ආදාරයෙන් සියරය මදක් ඉස්සෙනවාත් සමගම සියරය දෙවන කැපුමෙන් නිදහස් වී පලමු කැපුම හ සම්බන්ධවේ.ඒ සමගම රොඩි හැමර් ස්ප්‍රින්යේ දිගහැරීමේ බලයෙන් හැමරය වේගයෙන් ගොස් ෆයරින් පින් එකේ වදින කොටස,
ෆයරින් ක්‍රියාවලිය කියන්නෙ,
හැමරය වේගයෙන් ෆයරින් පින් එකේ වදිනවාත් සමගම ෆයරින් ස්ප්‍රින් හකුලුවා ගනිමින් ෆයරින් පින් 01 බෝම්බය් ප්‍රයිමරයේ වදි .ඒ සමගම ප්‍රයිමරය දැලිවී හටගන්නා දහනය වක්‍රාකාර මාර්ගයක් ඔස්සේ චාජරය පසුපස කොටසට ගොස් චාජරය දැල්වී වර්ග සෙන්ටි මීටර් 01 කට කිලෝ ග්‍රෑම් 920 ක ප්‍රමාණයක බලයක් උත්පාදනය කරමින් අංශක 70ක කෝණයට මීටර 30ක ප්‍රදේශයක් අනාරක්ෂිත කලාපයක් බවට පත්කරමින් බෝම්බය පලමු මීටර 20 තප්පරයට මීටර 120 ක වේගයෙන් ගමන් කර ඉන්පසු එය එය එච්ඊඒටී බෝම්බයක් නම් ෆැරන්හයිට් අංශක 3000 ක උෂ්ණත්වයක් උත්පාධණය කරමින් පුපුරා ඉලක්කපත විනාශ කරන ක්‍රියාව්ලියට..
ඒ වගේම මේ අවියෙත් පොඩි අව්ල් වගයක් තියෙනව. ඒව බෙදනව
ඇතිවන ආබාධ හා ඇතිවිය හැකි ආබාධ කියල. ඇතිවන ආබාධ තමා 

ඩර්ටි බැරල්
ෆවුල් ඉන් ද බැරල්
පෝල්ටි ප්‍රයිමර්

ඩර්ටි බැරල් කියන්නෙ අවියෙන් වෙඩි තැබීමේදී බැරලය තුල හටගන්නා රික්තක කලාපය තුලට කඩදාසි කැබලි හා දුහුවිලි ඇතුලුවීම හේතුවෙනුයි.
මෙම ආබාධය මගහරවා ගැනීම සදහා අවියේ බැරයට වයර් බ්‍රෆ් එකක් ඇතුලු කර අවිය් දෙපසින්ම නිසිආකාරව සුද්ධ කර ගත යුතුයි.

ෆවුල් ඉන් ද බැරල් කියන්නේ වෙඩි තැබීමෙන් හටගන්නා ෆවුුල් බැදීම හේතුවෙනුයි.මෙම ආබධය සමනය කරගැනීම සදහා අවියේ ඉදිරියෙන් පමනක් වයර් බ්‍රෆ් එකක් යොදා සුද්ධ කරගත යුතුයි.

පෝල්ටි ප්‍රයිමර් කියන්නෙ බෝම්බයේ ආබාධයකි. බෝම්බය වැස්සට තෙමීම හෝ තෙත් සිථානයක තිබු විටත් යම් කාලයක් බෝම්බ ගබඩා කර තිබිම හේතුවෙනුත් මෙම ආබාධය හටගන්නව.

එච්චර තාමා මේ අවිය ගැන කියන්න තියෙන්නේ ,, සොල්දාදුවෙක්ට උගන්නන දේ වලින් කොටසක් තමා මේ දාල තියෙන්නෙ. ඒ වගේම මේ අවිය ගෙනියන්නත් පහසුයි.. මේ එක්ක බෝම්බ4, 5ක් එහෙමත් අරන් යනව දැකල ඇතිනේ අර ෆොටෝ වල එහෙම තියෙනෙ ඒ වගේ පැක් එකට දාගෙන..මේ අවිය තනියම උනත් ගැටලුවක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් ඒත් හොදට හසුරුවලා පුරුද්දක් තියෙන්න ඕන... ඒ වගේම මේ අවියෙන් එක්කෙනෙක්ට වැඩි බෝම්බ ප්‍රමානයක් වෙඩි තියන්න අමාරුයි.. පොඩි කම්පනයක් තියෙනව. මටනම් කනට ගැහුව වගේ දවස් 3ක් විතර යනකන් කනේ පොඩි අමුත්තක් තියෙනව... මේක ෆෑන් එකක් කැරකිලා තමා පලවෙනි මීටර් 20න් පස්සේ යන්නෙ .. කුඩයක් වගේ එකක්.. අපේ කට්ටියනම් මිස් ෆය උන බෝම්බ වල ඒ කෑල්ල ගලවලා රේඩියෝ එකෙ ඇන්ටනාවට ගහගන්නව..... හොදයි.. මේ ඇති දැනටත් ලිපිය දිග වැඩී.. සුභ දවසක්... !


2 comments:

  1. මම ඒ විදියත් අහල තියෙනව.. ඒත් අර විදිය හරි කියල හිතුන ඒකයි එහෙම දැම්මෙ .. ස්තූතියි.

    ReplyDelete

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...