Tuesday, October 31, 2017

තුන්වෙනි කොටස 3




T56 අවියේ තුන්වෙනි පාඩම කුරුමානමක් ගැනීම සහ එය නොවෙනස්වන සේ අල්ලා ගැනීම.
ඇත්තටම මේ කොටසනම් සරලයි..කුරුමානමක් කියන්නෙ මොකක්ද කියල ඕනෑම කෙනෙක් දන්නවනේ..
ඒත් මේ පාඩමෙන් කියන්නෙ කුරුමානමක් ගන්නෙ අවියේ කොතනින්ද වගේ දේවල්..ඒ වගේම මේක කරන්නෙ කොටස් තුනකට බෙදල
1. කුරුමානමක් ගැනීම හදුන්වාදීම
2. ඉරියව් විස්තර කිරීම හා බිම වැතිරීමේ සරඹය විස්තර කිරීම.
3. බිම වැතිරී අවිය අල්ලා ගැනීම

කුරැමාණමක් ගැනීම හදුන්වාදීම

කුරැමාණමක් යනු කුමක්ද ?

සාමාන්යෙන් කුරැමාණමක් කියල කියන්නෙ' අපි පොඩිකාලේ අපි කැටපොල්ලකින් අඹ ගෙඩියකට හරි සතෙක්ට හරි විදින්නෙ එතකොට කරන්නේ මොකද්ද.. අපි ගල හරහා ඇස ආධාර කරගෙන ඉලක්කය දෙස බලන එක.
"ඒ කියන්නේ යම්කිසි නිශ්චල හෝ චංචල වස්තුවකට යම්කිසි නිශ්චිත ස්ථාස්ථානක සිට තම හුරු ඇස ආධාරයෙන් ගනු ලබන මනක්කල්පිත රේකාවට කියනව අපි කුරුමානමක් කියල." (එහෙමනේ)

අවිය ආධාරයෙන් කොහොමද ඉලක්කයක් ගන්නේ?

ඉස්සල්ලම නුහුරු ඇස වසන්න ඊට පස්සේ U කැපුම තුලින් ඉලක්කගත් ස්ථානය තෝරලා ඊට පස්සෙ ඉලක්කයට ෆෝසයිඩ් ටිප් එක ගෙනියනව, ඒ හැම වෙලාවෙම බට් එක හොදට මූනට හිර වෙන්න තියාගන්නත් අවිය සමාන්තරව තියාගන්නත් වගබලාගන්න ඕන.එච්චරයි ..



මේකේ තව කොටස් කිහිපයක් තියෙනව.ඒව ඕනනම් කමෙට් එකක් දාන්න.

ඔය විදියට ඉලක්ක ගන්න ලංකාවේ හමුදාව 
සීරෝයින් ටාගට්, 
ෆිගර් 11 ටාගට්,
ෆිගර් 12 ටාගට්,
ෆෝ පුට් ටාගට්,
සික්ස් පුට් ටාගට්,
තව තරග වෙඩි තැබීමට තව ඒව ගන්නස ඔය හන්සෙට් වගේ ඒවත් භාවිතා කරනව





ඉරියව් සහ බිම වැතිරීම.

ප්‍රධාන ඉරියව්..
1. සිටගෙන වෙඩි තැබීම
2. දනගසා වෙඩි තැබීම
3. ඉදගෙන වෙඩි තැබීම
4. බිම දිගාවී වෙඩි තැබීම





ඒවත් තව කොටස් වලට කැඩෙනව.


1 සිටගෙන වෙඩි තැබීම

දඩයක්කරුගේ ඉරියව්ව 
ඇසෝල්ට් ඉරියව්ව
ප්‍රගුන වෙඩික්කාරුගේ ඉරියව්ව 




2.දනගසා වෙඩි තැබීම

හයි පොශිශන්
මීඩියම් පොශිශන්
ලෝ පොශිශන්




3. ඉදගෙන වෙඩි තැබීම

ඕපන් ලෙග් 
ක්‍රොස් ලෙග්
ක්‍රොස් ඈන්ගල්




4. බිම දිගාවී වෙඩි තැබීම

හයි පොශිශන්
ලෝ පොශිශන්



මේකේ ඉතුරු ටික ඕනනම් කමෙට් එකක් දාන්න මම ඒ ටිකත් දාන්නම් ( පාඨමාලාවකට ඕනනම්)

3 comments:

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...