Tuesday, October 31, 2017

තුන්වෙනි කොටස 3




T56 අවියේ තුන්වෙනි පාඩම කුරුමානමක් ගැනීම සහ එය නොවෙනස්වන සේ අල්ලා ගැනීම.
ඇත්තටම මේ කොටසනම් සරලයි..කුරුමානමක් කියන්නෙ මොකක්ද කියල ඕනෑම කෙනෙක් දන්නවනේ..
ඒත් මේ පාඩමෙන් කියන්නෙ කුරුමානමක් ගන්නෙ අවියේ කොතනින්ද වගේ දේවල්..ඒ වගේම මේක කරන්නෙ කොටස් තුනකට බෙදල
1. කුරුමානමක් ගැනීම හදුන්වාදීම
2. ඉරියව් විස්තර කිරීම හා බිම වැතිරීමේ සරඹය විස්තර කිරීම.
3. බිම වැතිරී අවිය අල්ලා ගැනීම

කුරැමාණමක් ගැනීම හදුන්වාදීම

කුරැමාණමක් යනු කුමක්ද ?

සාමාන්යෙන් කුරැමාණමක් කියල කියන්නෙ' අපි පොඩිකාලේ අපි කැටපොල්ලකින් අඹ ගෙඩියකට හරි සතෙක්ට හරි විදින්නෙ එතකොට කරන්නේ මොකද්ද.. අපි ගල හරහා ඇස ආධාර කරගෙන ඉලක්කය දෙස බලන එක.
"ඒ කියන්නේ යම්කිසි නිශ්චල හෝ චංචල වස්තුවකට යම්කිසි නිශ්චිත ස්ථාස්ථානක සිට තම හුරු ඇස ආධාරයෙන් ගනු ලබන මනක්කල්පිත රේකාවට කියනව අපි කුරුමානමක් කියල." (එහෙමනේ)

අවිය ආධාරයෙන් කොහොමද ඉලක්කයක් ගන්නේ?

ඉස්සල්ලම නුහුරු ඇස වසන්න ඊට පස්සේ U කැපුම තුලින් ඉලක්කගත් ස්ථානය තෝරලා ඊට පස්සෙ ඉලක්කයට ෆෝසයිඩ් ටිප් එක ගෙනියනව, ඒ හැම වෙලාවෙම බට් එක හොදට මූනට හිර වෙන්න තියාගන්නත් අවිය සමාන්තරව තියාගන්නත් වගබලාගන්න ඕන.එච්චරයි ..



මේකේ තව කොටස් කිහිපයක් තියෙනව.ඒව ඕනනම් කමෙට් එකක් දාන්න.

ඔය විදියට ඉලක්ක ගන්න ලංකාවේ හමුදාව 
සීරෝයින් ටාගට්, 
ෆිගර් 11 ටාගට්,
ෆිගර් 12 ටාගට්,
ෆෝ පුට් ටාගට්,
සික්ස් පුට් ටාගට්,
තව තරග වෙඩි තැබීමට තව ඒව ගන්නස ඔය හන්සෙට් වගේ ඒවත් භාවිතා කරනව





ඉරියව් සහ බිම වැතිරීම.

ප්‍රධාන ඉරියව්..
1. සිටගෙන වෙඩි තැබීම
2. දනගසා වෙඩි තැබීම
3. ඉදගෙන වෙඩි තැබීම
4. බිම දිගාවී වෙඩි තැබීම





ඒවත් තව කොටස් වලට කැඩෙනව.


1 සිටගෙන වෙඩි තැබීම

දඩයක්කරුගේ ඉරියව්ව 
ඇසෝල්ට් ඉරියව්ව
ප්‍රගුන වෙඩික්කාරුගේ ඉරියව්ව 




2.දනගසා වෙඩි තැබීම

හයි පොශිශන්
මීඩියම් පොශිශන්
ලෝ පොශිශන්




3. ඉදගෙන වෙඩි තැබීම

ඕපන් ලෙග් 
ක්‍රොස් ලෙග්
ක්‍රොස් ඈන්ගල්




4. බිම දිගාවී වෙඩි තැබීම

හයි පොශිශන්
ලෝ පොශිශන්



මේකේ ඉතුරු ටික ඕනනම් කමෙට් එකක් දාන්න මම ඒ ටිකත් දාන්නම් ( පාඨමාලාවකට ඕනනම්)

සයිට් සෙටින්, ලෝඩින්, රෙඩි ඕ රේන්ජ්, අන්ලෝඩින්, මේක් සේෆ්ට් 2


සයිට් සෙටින්
සයිට් සෙටින් කියල කියන්නෙ .අවියට දුර කැවීම.
ටී 56 අවියෙ සයිටයේ සදහන් දුර වෙන්නෙ මීටර් 800 , ඒත් මේකේ ප්‍රතිඵල දායි දුර වෙන්නෙ මීටර් 300, ඒත් මේ අවියෙන් බාධකයක් නැතිව මීටර් 1200ක් පමන වෙඩි තැබීමේ හැකියාව තියෙනව.ඒ නිසා තමන්ගේ ඉලක්ක පතට ඇති දුර මේ අවියේ රෑම්ප් එකෙ තියෙන දුර ප්‍රමානයන් ආධාරයෙන් ප්ලංජරයෙන් අවියට කවාගෙන භාවිතා කිරීම තුලින් ඉතා හොද ප්‍රතිපල නෙලා ගැනීමේ අවස්තාව තියෙනව




ලෝඩින්
ලෝඩින් කියල කියන්නෙ පුරවන ලද මැගසිනයක් අවියට කවාගැනීම.


රෙඩි ඕ රේන්ජ්
අවිය වෙඩි තැබීම සදහා සූදානම් කිරීම.


අන්ලෝඩින්
අවියට කවා ඇති පතුරම් හා ෆිල් මැගසිනය ඉවත් කිරීම.


(පහල තියෙන ලින්ක් එකෙන් Load, Unload එක බලාගත්තැහැකි)



මේක් සේෆ්ට්
අවියෙන් වෙඩි තබන අතරතුර තමා මේ දේ ගොඩාක් දුරට කරන්නේ. තියෙන මැගසින් එක අයින් කරල අලුත් ෆිල් මැගසින් එකක් අවියට කවා ගැනීම.
අවියක් මේක් සේෆ්ට් කරන්නේ සංග්‍රාම භූමියේ වෙඩි තබමින් ඉදිරියට ගිහින් තමන්ගේත් තම කන්ඩායමේත් ආරක්ශාවට වගේම තමා සතුව ඇති පතුරම් ප්‍රමානය දැනගැනීමට වගේ දේකට තමා කරන්නෙ.

මැගසින් ෆිලින් 2



මැගසින් ෆිලින්(ගැබට පතුරම් කැවීම)


මැගසිනයට පතුරම් කැවීමේ කොටස කොටස් තුනක් යටතේ විස්තර කරන්න පුලුවන්.
1. සුදුසු මැසසිනයක් තෝරා ගැනීම
2. සුදුසු පතුරම් තෝරා ගැනීම
3. සුදුසු භූමිය තෝරා ගැනීම


1. සුදුසු මැසසිනයක් තෝරා ගැනීම
සුදුසු මැගසින් එකක් තෝරා ගැනීම කියල කියන්නෙ කොටින්ම කීවොත් කරදරයක් නැතිව උන්ඩය අවියට දෙන්න පුලුවන් මට්ටමේ මැගසින් එකක් , එහෙම එකක් මේ කාරනා යටතේ හොයා ගන්න පුලුවන්
1. අවියට ගැලපෙන මැගසින් එකක් වෙන්න ඕන.
2. බද ගොඩක් මල කාල නැතිවෙන්න ඕන.
3. බද තැලිල නැති වෙන්න ඕන
4. මැගසින් ස්ප්‍රීන් හරියට වැඩ කරන්න ඔන.
5. බොටම් ප්ලේට් එක ගැලවෙන්නෙ නැතිව තියෙන්න ඕන
6. මැගසින් ලිප්ස් තැලිල නැතිවෙන්න ඕන.
7. ෆ්ලැට්ෆෝම් එක ගැලවෙන්නෙ නැති වෙන්න ඕන
ඔය කාරනා ටික තියෙන මැගසින් එකක් නම් වැඩේට ok.



2. සුදුසු පතුරම් තෝරා ගැනීම
සුදුසු පතුරම් තෝරා ගනිද්දි මේ කොටස්  ගැන බලන්න ඕන.
1. පතුරම අවියට ගැලපෙන්න ඔන
2. පතුරම් බද තැලිල තියෙන්න බෑ
3. නෝස් එක හෙලවෙන්න බෑ.
4. මලකඩ කලා තියෙන්න බෑ.
5. වතුරෙ කාලයක් තිබුනොත් ඒව පත්තු වෙන්නෙ නෑ
6. තෙල්, දූවිලි තිබුනොත් හිර වෙනව


3. සුදුසු භූමිය තෝරා ගැනීම
මේකයි භූමිය ගැන කීවොත් භූමිය ඕන වෙන්නෙ වැඩේ කාර්‍යක්ශමව කරගන්න විතරයි.අපට ගහක් උඩ, ටැලට් එකක් උඩ උනත් අතට පතුරම් අරන් පුරවන්න් පුලුවන් ඒත් ඉක්මනින් වැඩෙ කරගන්නනම් මේ කිහිපය ඕන
1. මඩ, දූවිලි නැති භූමියක්
2. සමතලා බිමක්
3. අධික ඉර එලිය නැති තැනක්
ඕව තියෙනවනම් මැගසින් එකක් ගහගන්න පුලුවන් මිනිත්තු කිහිපයකින් හොද සෙබලෙක්ට



දෙවන කොටස 2

මම පලවෙනි පාඩම තුලින් අවිය පිලිබද කෙටි හැදින්වීමක් කලා..ඒ වගේම ඒකේ කොටස් අඩුවට සහ කෙටියෙන් ලීවෙ ..ඔබට ගැටලුවක් ඇත්නම් කමෙට් එකක් දාල අහන්න.
හොද‍යි මේ අවියේ දෙවන පාඩම වෙන්නෙ
1. මැගසින් ෆිලින්
2. සයිඩ් සෙටින්
3. ලෝඩින්
4. අන්ලෝඩින්
5. මේක් ෂේප්.
මේ පාඩම සෙබලෙක් හැදෑරීම තුලින් ඔහුට හැකියාව ලැබෙනව නිවරැදිව හා කාර්‍යක්ශමව මැගසිනයට පතුරම් පුරවාගැනීමට, මැගසිනය ක්‍රමවත්ව අවියට කැවීමට, පතුරම් ගැබ ඉවත් කිරීමට. ඒ වගේම මේ පාඩම් මාලාවෙ ඉතාම වැදගත් කොටසක් කියලත් කියන්න පුලුවන්.



ගැලවීම හා අවියේ කොටස් මොනවද ? 1

අවියක් ගලවන අවස්ථා..
1. අවිගාරයකින් අලුත් අවියක් ලබාගන්නා විට
2. පුහුනුවීම සදහා
3. වෙඩි තැබීමකට පෙර හා පසු
4. අවියේ ආබාදයකදී
5. සුද්ද කිරීම සදහා.


මෙි තියෙන්නේනම් Ak47 එකක් එ්ත් කොටස් සමානයි

ආරක්ශක නීති 1

මේකයි සාමාන්‍යයෙන් ආරක්ශක නීතියක් කියන්නේ මොකද්ද කියල මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්...
උදාහරණයක් ගත්තොත් අපි පාරේ පයින් යද්දි දකුනෙන් යනව, වාහනේකදි වමෙන් යනව.ඒක මේ රට ඇතුලේ තියෙන ආරක්ශක නීතියක් ඒ වගේම ඒ නීතිය නිසා මේ රටේ වගකිවයුතු අංශයකට අනතුරු අවම කරගැනීමට හැකියාවක් ලැබිල තියෙනව.අන්න ඒ වගේම තමා මේ අවියට තියෙන ආරක්ශක නීති, අවිය මේ ආකාරයට පාවිච්චි කිරීම තුලින් ඇත්තටම අනතුරු අවම කරගැනීමේ හැකියාවක් හා අවියේ දෝශ අවම කරගැනීමේ හැකියාවක් ලැබිල තියෙනව.
හොදයි බලමු මේ අවියට ආවෙනික වෙන ආරක්ශක නීති මොනවද කියල.
1. මේ අවිය කිසිම අවස්ථාවක තනි නොකල යුතුයි(පතුරම් ඇතිව හෝ නැතිව)
2. අවිය තම මිතුරු පාර්ශවයට එල්ල නොකල යුතුයි.
3. අවිය ආරක්ශක සංවිදානය කිරීමේදී බැරලය 45°ක් අහසට එල්ල කල යුතුයි.
4. ගුවන් යානයකදී බැරලය පොලොවට ලම්භකවත් ගොඩබිම් වාහනයකදී බැරලය  අහසට ලම්භකවත් වන පරිදි ගෙන යා යුතුයි.
5. අතින් අතට ලබාදීමේදී අවිය සම්පූර්ණ ආරක්ශක සංවිදානය කිරීමකින් පසුව ලබා දිය යුතුයි.
6. ආයුදාගාරයකින් ගැනීමේදී හා භාර දීමේදී ආරක්ශක සංවිදානය කල යුතුයි .
7. වෙඩි තැබීමකට පසුව අවිය සුද්ද කල යුතුයි.

තාක්ශනික විස්තර 1

ඇසෝල්ට් රයිෆලය
1. සම්පූර්ණ දිග - 1100mm
2. බයිනේත්තුව හකුලා දිග - 874mm
3. බර (මැගසිනය හිස්ව) - 4.8 kg
4. කැලිබරය - 762mm
5. පතුරම් වර්ගය - 7.62×39mm
6. සයිටයේ සදහන් දුර - 800m
7. ප්‍රතිඵල දයි දුර - 300m
8. ලෑන්ඩ් ඇන්ඩ් ගෲස් ප්‍රමාණය - 4×4
9. මසල් වෙලෝසිටි(මසලයෙන් උන්ඩයක් ගමන් ගන්නා වේගය) - 710ms
10. රේට් ඔෆ් ෆයර්(කාර්‍යක්ශමතාවය) - මිනිත්තුවකට 610 ක් පමන






මාර්ක් 1 අවිය
1. සම්පූර්ණ දිග - 874mm
2. බට් එක හකුලා දිග - 654mm
3. බර (හිස් මැගසිනය සමග) - 3.7kg




මාර්ක් 11 අවිය
1. සම්පූර්ණ දිග - 869mm
2. බර (හිස් මැගසිනය සමග) - 4.3kg

Monday, October 30, 2017

ගතිලක්ෂණ 1

  1. ගැස් බලයෙන් ක්‍රියාකරන අවියක්.
  2. අවට වාතයෙන් සිසිල් වන අවියක්.
  3. තනි උන්ඩ හා පොකුරැ උන්ඩ යන දෙවිදියටම වෙඩි තැබීෙම් හැකියාව
  4. වෙඩි තැබීම, පහර දීම, බයිනේත්තුව අාධාරෙයන් සතුරාට අැන විනාශ කිරීෙම් හැකියාව
  5. විවිධ පතුරම් භාවිතයෙන් වෙඩි තැබීෙම් හැකියාව
    1. බෝල්ට්
    2. ඉන්සන්ඩයරි
    3. ආමපීසින්
    4. ට්‍රේසර්
    5. පුහු පතුරම්
    6. අභ්‍යාස පතුරම් 
  6. මේ අවිය බොල්ට් එක කැරකැවීම මගින් ක්‍රියා කරන අවියක්


1. බෝල්ට් පතුරම්

මේක තමා සාමාන්‍යයෙන් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ.මේකෙන් සාමාන්‍ය සතුරාව විනාශකරන්න පුලුවන්.
මේ සම්පූර්ණ පතුරම සාමාන්‍ය පිත්තල පාටයි.





2. ඉන්සන්ඩයරි පතුරම් 

මේ පතුරම සාමාන්‍යයෙන් යොදාගන්නේ වෙඩි තියල ගින්නක් ඇතිකරන්න.සාමාන්‍යයෙන් පිදුරුගොඩකට වගේ දේකට වෙඩි තිබ්බොත් ගිනිගන්නව..ඒ වගේම මේ පතුරම අදුනගන්න පුලුවන් මේකේ නෝස් එකේ අග නිල් පාටින් පාට කරල තියෙන්නෙ.



3. ආමපීසින් 
මේව ගන්නේ ඝන තහඩුව්කින් එහා ඉන්න සතුරෙකුට පහර දෙන්න.මේකේ අග කලුපාටින් තියෙන්නෙ.




4. ට්‍රේසර් පතුරම්
ට්‍රේසර් පතුරම් යොදාගන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී ඉලක්ක පතක් පෙන්වන්න.මේකෙන් වෙඩි තිබ්බම නෝස් එකෙන් එලියක් විහිදීගෙන තමා යන්නේ ඒකෙන් අනික් අයට ඒක නිකන් ඉරක් වගේ පේනව.ඒ එලිය රතු පාටයි හැබැයි මමනම් කොලපාටත් දැකල තියෙනව, මේකේ අග කොල පාටයි



5. පුහු පතුරම්
පුහු පතුරම් කියන්නේ ඒකේ අග නෝස් එකෙක් නෑ, අග අකුලලා තියෙන්නේ.මේකෙන් ජීවිතයක් විනාශ කරන්න බෑ.ඒත් සාමාන්‍යයෙන් මේක දාල අඩි දෙක තුනක් එහායින් ඉන්න කෙනෙක්ට අල්ලලා වෙඩි තිබ්බොත්නම් හානියක් වෙන්න ඉඩ තියෙනව.



6.අභ්‍යාස පතුරම් 
මේකෙන් වෙඩි තියන්නනම් බෑ.මේකේ නොස් එක රබර්.ඇතුලේ වෙඩි බෙහෙතුත් නෑ.මේක ගන්නේ නිකන් අභ්‍යාස කරන්න විතරයි

Sunday, October 29, 2017

හැදින්වීම 1




සුභ දවසක්..මම දැං ලියන්නේ ටී56 චීන ප්‍රහාරක රයිෆලයේ හැදින්වීම..
මේ ටී56 චීන ප්‍රහාරක රයිෆලය නිශ්පාදනය කරල තියෙන්නෙ 7.62×39mm Ak 47 කියන අවියට ආදේශක අවියක් විදියට.ඒ වගේම මේ අවිය නිශ්පාදනය කලේ(Ak47) රුසියන් ජාතික මිතායිල් ක්ලැසිනිකෝච් (Mikhail Kalashnikov)විසින්, ඒ වගේම මේ අවියේ චේන් ලිවරයේ පිහිටීම අනුව දැනට නිශ්පාදිත අවි ගොඩක් මැදදි උනත් පහසුවෙන් හදුනාගන්න පුලුවන්.ඒ වගේම මේ අවියෙන් තනි උන්ඩ (d) හා පොකුරු උන්ඩ (L)කියන දෙ ආකාරයටම වෙඩි තියන්න හැකියාව ලැබෙන අතරෙම මසලයට පහලින් පහලට නවල තියෙන ත්‍රිකෝනාකාර බයිනේත්තුවක් අවියට ස්තීර වශයෙන්ම සම්බන්ද කරල තියෙන නිසා සතුරාට ඒකෙන් ඇනල උනත් විනාශ කරන්න පුලුවන්..මේ AK47 අවිය නිශ්පාදනය කරල තියෙන මිතායිල් ක්ලැසිනිකෝච් මහත්මයා ඔහුගේ මේ නව නිර්මාන සදහා ශාන්ත විලැඩ්මීර් (සිංහලෙන් කියවද්දි වෙනස් වෙයි) සම්මානය සහ ඔහු සෝවියට් දේශයේ උප ප්‍රදනියා වෙලා ඉන්න කාලයේදී ලෙනින් සහ රාජ්‍ය සම්මානයද හිමි කරගෙන තියෙනව.
ඒ වගේම මේ අවිය 1947 වර්ශයේදී තමා සැලසුම් කිරීම ආරම්භ කරල තියෙන්නේ ඊට පස්සේ මේ අවිය 1951 දී චීන කොරියන් යුද්දයට අරගෙන ඉතා සාර්තක ප්‍රතිඵල නෙලාගෙන තියෙනව.1956 වෙද්දින් මෙයාගේ මේ අවිය පොඩ්ඩක් වැඩි දියුනු කරල තවත් ස්වංක්‍රීය අවියක් හදල තියෙනව AKM (ඔටෝමැටික් ක්ලැසිනිකෝ මොඩර්නිජි රොවානි) කියල. මේ අවිය බොහෝ දුරට මෝසෝ ගිවිසුමට අයත් රටවල වැඩි වශයෙන් භාවිතා වෙන්නේ.ඒ වගේම Ak47 අවිය තමා වැඩියෙන්ම හොරෙන් විකිනිලා තියෙන අවියත්.දැනටනම් මේ අවිය රුසියාව විතරක් නෙවේ බල්ගේරියාව, චීනය, නැගෙනහිර ජර්මනිය, උ.කොරියාව වගේ රටවලත් නිශ්පාදනය කරගෙන යනව ඒ වගේම චීනයේ තමා මේක පොඩ්ඩක් වැඩි දියුනු කරල බට් එක නවල, බයිනේත්තුව ගලවලා මාර්ක් 11 එක හදන්නේ.

පලමු කොටස 1

සුභ දවසක් මම ඉස්සර වෙලා බ්ලොග් එකෙන් කීවා වගේම ඔන්න අද ටී56 චීන ප්‍රහාරක රයිෆලයේ පාඩම් ලියනව. .
හොදයි ලංකාවේ භාවිතා කරනව විවිද වූ අවි ආයුද, ඒව බෙදෙනව අවි වර්ග කොටස් කීපයකට මේක අවිති වෙන්නෙ ඒවගෙම් උරහිස් අවි ගනයට , මේ උරහිස් අවි කියන එකත් බෙදෙනව තව කොටස් තුනකට
1. රයිෆල්
2.කාබනික අවි
3.ශොට්ගන්  කියල.මේවගෙන් මේ ටී56 අවිය අයිති වෙන්නේ කාබනික ගොඩට.හැබැයි මම දන්නෙ නෑ මේකට නම දාපු කෙනා ඇයි මේකට රයිෆලය කියල නම දැම්මේ කියල.හරි කතාව ඇති දැං ලියන්නම් පාඩම
මේ ටී56 චීන ප්‍රහාරක රයිෆලයේ පලවෙනි පාඩම තමා
*.හැදින්වීම
*.ගතිලක්ශන
*.තාක්ශනික විස්තර
*.ආරක්ශක නීති
#.ආරක්ශක සංවිදානය
#.ගැලවීම
#.සුද්ද කිරීම
#.කොටස් නම් කිරීම
#.නැවත සවි කිරීම
කියන කොටස් ටික.මම මේකේ (*.)තියෙන ඒව මේකේ ලියනව.අනික්ව ලියල කියන්න අමාරු නිසා.

Saturday, October 28, 2017

මොකද්ද මේ....?

හරි. ඉස්සරවෙලාම මම ඔයාලට කියන්න ඕන මේ මගේ පලවෙනි බ්ලොග් එක.මෙකෙදී මම මේ දේවල් ලියන්නේ තවත් කෙනෙක්ට කියවලා දැනුමක් ලබාගන්න මිසක් අත් හදාබලන්න නෙවේ.මේ දැනුමින් වැරදි දෙයකට පාවිච්චි කරන්නත් එපා. හොදයි...මේ අවිය ලංකාවෙ ත්‍රිවිධහමුදාව ගොඩාක් දුරට පාවිච්චි කරන අවියක් .ඒ වගේම පහසු සරල අවියක්.හොද වෙඩිබලයක් දෙන්න පුලුවන් අවියක්.හැබැයි මම අදනම් මේකේ කිසිම දෙයක් ඒ ගැන ලියන්නෙ නෑ.ඒක මම පාඩම් කුහිපයකට කඩල මගේ ඊලග බ්ලොග් එකේ ඉදන් දානව. සුභ දවසක්. ගිහින් එන්නම් .හමුවෙමු පලමු පාඩමෙන්

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...