Sunday, November 5, 2017

රොකට් පොපේල් ගන් - 07

මම මේ කොටස් පිලිවලට ලියන එක පොඩ්ඩක් නවත්වලා. කට්ටිය පොඩ්ඩක් ෆිල්ම් වල එහෙම දැකල තියෙන.පැත්තම දෙදුරුම් කවන්න පුලුවන් වෙපන් එකක් ගැන ලියන්න අදහස් කලා...
මේ අවිය ගැන පොඩ්ඩක් මම සරලව කියන්නම් .. මේ අවියෙන් හැකියාව තියෙනව චංචල හෝ නිශ්චල ඉලක්කයකට ඉතා නිවැරදි ආකාරයට පහර දෙන්න.ඒ වගේම මේ අවියෙන් සතුරු බංකර ක්ශනිකව සම්බෝල ගොඩක් වගේ කරනව වගේම යුද ටැංකි, යුනිකෝන්, හම්වි ( ඇමරිකන් ආමි එකේ තියෙන ජිප්) වගේ තනිකරම ඝන තහඩුවෙන් වට උන, සාමාන්‍ය උන්ඩ වලට ඔරොත්තු දෙන සන්නද්ධ රථ ක්ශනිකව බටර් වගේ කරල දාන්න හැකියාව තියෙනව. . ඒ අවිය තමා මේ පහල තියෙන, බැලූබැල්මට ඕන ෆිල්ම් බලන, වීඩීයෝ ගේම් සෙල්ලම් කරන කෙනෙක්ට අදුනගන්න පුලුවන් RPG අවිය .. . මම මේ ගැන විස්තර තියෙන ලිපියක් ඊලගට දාන්නම් ..  සුභ දවසක්


Wednesday, November 1, 2017

Type 56



මම ඉස්සල්ල ලියල තියෙන්නෙ සාමාන්‍යයෙන් හමුදාවට එන සෙබලෙක්ට මූලිකවම දෙන දැනුමෙන් පොඩ්ඩක් විතරයි..ඒවගේම මම අත් හැරල තියෙන් කොටස් ගොඩක් තියෙනව, මට වැරදුන තැනුත් කිහිපයක් ඇති ඒව දැක්කොත් කියන්න මම හදනම්
මේ අවිය ගැන කීවොත් ඉතාම හොද අවියක්, ඕනෑම දේශගුන තත්වයක පාවිච්චි කරන්න පුලුවන් සාමාන්‍යයෙන් පතුරම් 12000ක් පමන වෙඩි තැබීමේ හැකියාව තියෙනව. කිසිම අව්ලක් නැතිව් ගලවල ආපහු සවි කරගැනීමේ හැකියාවත් තියෙනව.ඒ වගේම හොදටම ඉලක්කයට තනි උන්ඩ වෙඩි තැබීමේ හැකියාවත් තියෙනව. පොකුරු උන්ඩ වලදිනම් පොඩ්ඩක් අමාරුයි අවියේ ගැස්මත් එක්ක.
මේ පල්වෙනි කොටස විතරයි..තව අවි වර්ග කිහිපයකින් ආපහු ලිපි ටිකක් ලියන්නම් .සුභ දවසක්

පස්වෙනි කොටස 5



මේ අවියේ පාඩම් වල පස්වෙනි කොටසින් කරන්නෙ.
" යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සහ ආබාද "
ඉතින් තේරුම් ගත්තොත් ලේසිම කොසස මේකයි සෙබලෙක්ට, උපදේශකයන්ට උපදේශනය කරන්නත් ලේසිම කොටස මේක, හැබැයි හොදට මතක තියෙන්න ඕන. ඒ වගේම මේකේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය ලියන්නේ නෑ පාඨමාලාවකට ඕනනම් කමෙට් එකක් දාන්න මම දාන්නම්, ඒ ගැන යූටියුබ් එකෙන් හොයාගන්න පුලුවන් නිසා.(  https://www.youtube.com/watch?v=EIPzATo-63o  )
මේ අවියේ ආබාද ගත්තොත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනව
ඇති විය හැකි ආබාද
ඇති වන ආබාද

කියල.
ඒකෙන් ඇතිවිය හැකි ඒව කියන්නෙ අවියේ ඕනෑම කොටසක කැඩීයාමක් වගේ දෙයක්.
ඇතිවන ආබාද තමා
1. මැගසිනය් හිස් වීම


2. චේම්බරයට පතුරම් ගමන් නොකිරීම්
3. චේම්බරයේ හෝ බද තුල ආගන්තුක යමක් හිර වීම
මේ ආබාද ඔක්කම වගේ සාමාන්‍යෙන් තප්පර කිහිපයකදි සමනය කරගන්න පුලුවන්.

හතරවන කොටස 4

ටී 56 අවියේ 4වන පාඩමෙන් කරන්නෙ "වෙඩි තැබීම" මේ පාඩම ක්‍රියාකාරකම් ගොඩක් තියෙන පාඩමක්, ඒවගෙන් පොඩි ප්‍රමානයක් ගැන විතරක් පොඩි විස්තරයක් කරන්නම්.
මේ කොටස සිසුවාට කියල දෙන්නෙ කොටස් තුනක් යටතේ

1. සූදානම් පතුරම් හදුන්වාදීම
2. වෙඩි වර්ග හදුන්වාදීම
3. වෙඩි තැබීමේදී පිලිපැදිය යුතු කරුනු කියාදීම .කියන කොටස් කිහිපය.

සුදානම් පතුරම් ?

මේ අවිය සාමාන්‍යයෙන් ක්‍රියාන්විතයකට ගෙනියද්දින් හන කට්ටලයේ(පූචස් එකේ) දාගෙන ගෙනියනව පතුරම් 200 ක් , ඒක් අවිය්ට පතුරම්, 30 මැගසින් එකක්, පූචස් එකේ 30 මැගසින් 3ක්, පූචස් එකේ සාක්කු වල පතුරම් 40 ඒව දෙකක්, ඒත් සාමාන්‍යෙන් අපි ක්‍රියාන්විතයකට යනකොට අපට ගෙනියන්න පුලුවන් තරම් පතුරම් සහ වතුර ගෙනියනව, මොකද කෑම කැලේදි හොයාගත්තැහැකි පතුරම් වතුර එහෙම ලැබෙන්න තියෙන ඉඩ අඩු නිසා.




වෙඩි වර්ග

වෙඩි වර්ග 3යි,
1. ඩෙලිබේට් ෆයරින්
2. ස්නැප් ෂූටින්
3. රැපීඩ් ෆයරින්

ඩෙලිබේට් ෆයරින්

සාමාන්‍යෙන් මේකෙදී කරන්නෙ විනාඩියට උන්ඩ 5යි, දුමක් දුහුවිල්ලක් වැනි යමක් අතරින් හෝ දුර සිටින් සතුරා සදහා නිවැරදි කුරුමානමක් ගෙන වෙඩි තැබීම.


ස්නැප් ෂූටින්

බංකරයකින් බංකරයකට, ආවරනයකින් ආවරනයකට මාරුවන සතුරාට වෙඩි තැබීම,


රැපීඩ් ෆයරින්

ක්ශනිකව මතුවන සතුරු සමූහයකට පොකුරු උන්ඩ වෙඩි තැබීම, මෙහිදී අවශ්‍ය උනොත් මැග් එකත් මාරු කරල වෙඩිතියනව.


වෙඩි තැබීමේදී සැල්කිලිමත් විය යුතු කරුනු

1. ඒමින්
2. බ්‍රීතින්
3. ෆයරින්
4. ෆලෝ තෲ
5. ඩික්ලෙයා
6. රී ඒම්
7. රිලැක්ස්.





ඒවගේම මේ කොටසේ තව උන්ඩය වමට, දකුනට, ඉහලට, පහලට හා අවියේ ගැස්ම ගැනත් ක්‍රියාකාරකම් වලින් කරනව.

Tuesday, October 31, 2017

තුන්වෙනි කොටස 3




T56 අවියේ තුන්වෙනි පාඩම කුරුමානමක් ගැනීම සහ එය නොවෙනස්වන සේ අල්ලා ගැනීම.
ඇත්තටම මේ කොටසනම් සරලයි..කුරුමානමක් කියන්නෙ මොකක්ද කියල ඕනෑම කෙනෙක් දන්නවනේ..
ඒත් මේ පාඩමෙන් කියන්නෙ කුරුමානමක් ගන්නෙ අවියේ කොතනින්ද වගේ දේවල්..ඒ වගේම මේක කරන්නෙ කොටස් තුනකට බෙදල
1. කුරුමානමක් ගැනීම හදුන්වාදීම
2. ඉරියව් විස්තර කිරීම හා බිම වැතිරීමේ සරඹය විස්තර කිරීම.
3. බිම වැතිරී අවිය අල්ලා ගැනීම

කුරැමාණමක් ගැනීම හදුන්වාදීම

කුරැමාණමක් යනු කුමක්ද ?

සාමාන්යෙන් කුරැමාණමක් කියල කියන්නෙ' අපි පොඩිකාලේ අපි කැටපොල්ලකින් අඹ ගෙඩියකට හරි සතෙක්ට හරි විදින්නෙ එතකොට කරන්නේ මොකද්ද.. අපි ගල හරහා ඇස ආධාර කරගෙන ඉලක්කය දෙස බලන එක.
"ඒ කියන්නේ යම්කිසි නිශ්චල හෝ චංචල වස්තුවකට යම්කිසි නිශ්චිත ස්ථාස්ථානක සිට තම හුරු ඇස ආධාරයෙන් ගනු ලබන මනක්කල්පිත රේකාවට කියනව අපි කුරුමානමක් කියල." (එහෙමනේ)

අවිය ආධාරයෙන් කොහොමද ඉලක්කයක් ගන්නේ?

ඉස්සල්ලම නුහුරු ඇස වසන්න ඊට පස්සේ U කැපුම තුලින් ඉලක්කගත් ස්ථානය තෝරලා ඊට පස්සෙ ඉලක්කයට ෆෝසයිඩ් ටිප් එක ගෙනියනව, ඒ හැම වෙලාවෙම බට් එක හොදට මූනට හිර වෙන්න තියාගන්නත් අවිය සමාන්තරව තියාගන්නත් වගබලාගන්න ඕන.එච්චරයි ..



මේකේ තව කොටස් කිහිපයක් තියෙනව.ඒව ඕනනම් කමෙට් එකක් දාන්න.

ඔය විදියට ඉලක්ක ගන්න ලංකාවේ හමුදාව 
සීරෝයින් ටාගට්, 
ෆිගර් 11 ටාගට්,
ෆිගර් 12 ටාගට්,
ෆෝ පුට් ටාගට්,
සික්ස් පුට් ටාගට්,
තව තරග වෙඩි තැබීමට තව ඒව ගන්නස ඔය හන්සෙට් වගේ ඒවත් භාවිතා කරනව





ඉරියව් සහ බිම වැතිරීම.

ප්‍රධාන ඉරියව්..
1. සිටගෙන වෙඩි තැබීම
2. දනගසා වෙඩි තැබීම
3. ඉදගෙන වෙඩි තැබීම
4. බිම දිගාවී වෙඩි තැබීම





ඒවත් තව කොටස් වලට කැඩෙනව.


1 සිටගෙන වෙඩි තැබීම

දඩයක්කරුගේ ඉරියව්ව 
ඇසෝල්ට් ඉරියව්ව
ප්‍රගුන වෙඩික්කාරුගේ ඉරියව්ව 




2.දනගසා වෙඩි තැබීම

හයි පොශිශන්
මීඩියම් පොශිශන්
ලෝ පොශිශන්




3. ඉදගෙන වෙඩි තැබීම

ඕපන් ලෙග් 
ක්‍රොස් ලෙග්
ක්‍රොස් ඈන්ගල්




4. බිම දිගාවී වෙඩි තැබීම

හයි පොශිශන්
ලෝ පොශිශන්



මේකේ ඉතුරු ටික ඕනනම් කමෙට් එකක් දාන්න මම ඒ ටිකත් දාන්නම් ( පාඨමාලාවකට ඕනනම්)

සයිට් සෙටින්, ලෝඩින්, රෙඩි ඕ රේන්ජ්, අන්ලෝඩින්, මේක් සේෆ්ට් 2


සයිට් සෙටින්
සයිට් සෙටින් කියල කියන්නෙ .අවියට දුර කැවීම.
ටී 56 අවියෙ සයිටයේ සදහන් දුර වෙන්නෙ මීටර් 800 , ඒත් මේකේ ප්‍රතිඵල දායි දුර වෙන්නෙ මීටර් 300, ඒත් මේ අවියෙන් බාධකයක් නැතිව මීටර් 1200ක් පමන වෙඩි තැබීමේ හැකියාව තියෙනව.ඒ නිසා තමන්ගේ ඉලක්ක පතට ඇති දුර මේ අවියේ රෑම්ප් එකෙ තියෙන දුර ප්‍රමානයන් ආධාරයෙන් ප්ලංජරයෙන් අවියට කවාගෙන භාවිතා කිරීම තුලින් ඉතා හොද ප්‍රතිපල නෙලා ගැනීමේ අවස්තාව තියෙනව




ලෝඩින්
ලෝඩින් කියල කියන්නෙ පුරවන ලද මැගසිනයක් අවියට කවාගැනීම.


රෙඩි ඕ රේන්ජ්
අවිය වෙඩි තැබීම සදහා සූදානම් කිරීම.


අන්ලෝඩින්
අවියට කවා ඇති පතුරම් හා ෆිල් මැගසිනය ඉවත් කිරීම.


(පහල තියෙන ලින්ක් එකෙන් Load, Unload එක බලාගත්තැහැකි)



මේක් සේෆ්ට්
අවියෙන් වෙඩි තබන අතරතුර තමා මේ දේ ගොඩාක් දුරට කරන්නේ. තියෙන මැගසින් එක අයින් කරල අලුත් ෆිල් මැගසින් එකක් අවියට කවා ගැනීම.
අවියක් මේක් සේෆ්ට් කරන්නේ සංග්‍රාම භූමියේ වෙඩි තබමින් ඉදිරියට ගිහින් තමන්ගේත් තම කන්ඩායමේත් ආරක්ශාවට වගේම තමා සතුව ඇති පතුරම් ප්‍රමානය දැනගැනීමට වගේ දේකට තමා කරන්නෙ.

මැගසින් ෆිලින් 2



මැගසින් ෆිලින්(ගැබට පතුරම් කැවීම)


මැගසිනයට පතුරම් කැවීමේ කොටස කොටස් තුනක් යටතේ විස්තර කරන්න පුලුවන්.
1. සුදුසු මැසසිනයක් තෝරා ගැනීම
2. සුදුසු පතුරම් තෝරා ගැනීම
3. සුදුසු භූමිය තෝරා ගැනීම


1. සුදුසු මැසසිනයක් තෝරා ගැනීම
සුදුසු මැගසින් එකක් තෝරා ගැනීම කියල කියන්නෙ කොටින්ම කීවොත් කරදරයක් නැතිව උන්ඩය අවියට දෙන්න පුලුවන් මට්ටමේ මැගසින් එකක් , එහෙම එකක් මේ කාරනා යටතේ හොයා ගන්න පුලුවන්
1. අවියට ගැලපෙන මැගසින් එකක් වෙන්න ඕන.
2. බද ගොඩක් මල කාල නැතිවෙන්න ඕන.
3. බද තැලිල නැති වෙන්න ඕන
4. මැගසින් ස්ප්‍රීන් හරියට වැඩ කරන්න ඔන.
5. බොටම් ප්ලේට් එක ගැලවෙන්නෙ නැතිව තියෙන්න ඕන
6. මැගසින් ලිප්ස් තැලිල නැතිවෙන්න ඕන.
7. ෆ්ලැට්ෆෝම් එක ගැලවෙන්නෙ නැති වෙන්න ඕන
ඔය කාරනා ටික තියෙන මැගසින් එකක් නම් වැඩේට ok.



2. සුදුසු පතුරම් තෝරා ගැනීම
සුදුසු පතුරම් තෝරා ගනිද්දි මේ කොටස්  ගැන බලන්න ඕන.
1. පතුරම අවියට ගැලපෙන්න ඔන
2. පතුරම් බද තැලිල තියෙන්න බෑ
3. නෝස් එක හෙලවෙන්න බෑ.
4. මලකඩ කලා තියෙන්න බෑ.
5. වතුරෙ කාලයක් තිබුනොත් ඒව පත්තු වෙන්නෙ නෑ
6. තෙල්, දූවිලි තිබුනොත් හිර වෙනව


3. සුදුසු භූමිය තෝරා ගැනීම
මේකයි භූමිය ගැන කීවොත් භූමිය ඕන වෙන්නෙ වැඩේ කාර්‍යක්ශමව කරගන්න විතරයි.අපට ගහක් උඩ, ටැලට් එකක් උඩ උනත් අතට පතුරම් අරන් පුරවන්න් පුලුවන් ඒත් ඉක්මනින් වැඩෙ කරගන්නනම් මේ කිහිපය ඕන
1. මඩ, දූවිලි නැති භූමියක්
2. සමතලා බිමක්
3. අධික ඉර එලිය නැති තැනක්
ඕව තියෙනවනම් මැගසින් එකක් ගහගන්න පුලුවන් මිනිත්තු කිහිපයකින් හොද සෙබලෙක්ට



ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...