මම කලින් ලිපියෙන් කියල තිබුන මේ ලිපිය දාන්නම් කියල .. පලමුවෙන්ම සමාව ඉල්ලනව මේ විස්තර ගොඩාක් කෙටි කරල දාල තියෙන්නෙ මොකද මේ කියල දෙන්නත් ඉගෙන ගන්නත් මාරම අමාරු අවියක්... හොදයි එහෙනම් කියවලා බලල කමෙට් එකක් දාන්න..
මේ අවියනම් ගොඩාක් පරන තාක්ශනයකට තමා හදල තියෙන්නෙ.ඒ කියන්නෙ. ... හොදයි මම මුල ඉදන්ම පටන් ගන්නම් දැනට අවිය පොඩ්ඩක් අමතක කරන්න.
මිනිසා දියුනු වීගෙන එන ගමනෙදි තමන්ගේ සතුරාට පහර දෙන්නෙ කොහොමද හිතන්න..මුලින්ම තමන්ගේ ඇගේ හයියෙන් අතින් පයින් ගහනව , ඊට පස්සේ මේක ඊට වඩා ලේසි කියල ලග පාත තියෙන පොල්ලක් අරන් ගහනව, ඒක ලගට ගිහින් අවදානමක් ගන්න ඕන නිසා හයිය තියෙන රිටක් නවල ඒකෙන් දුන්නක් හදල ඒකට ඊතලයක් හදල ඒක තියල විදිනව... ඇත්තටම ඒක පොඩ්ඩක් හොද ක්‍රමයක් ඒත් ඇත්තටම සමූහයකක් එකවර අඩපන කරන්න මේ ක්‍රමය සාර්ථක වෙයිද ? දහයක් පහලවකනම් පුලුවන් ඒත් හාරසීයක් පන්සීයක් හිටියොත්, ඒ අය එක්ක මුහුනට මුහුනලා ෆයිට් එකක් දෙනවට වඩා ලේසි නැද්ද මගින්ම අඩපන කරන එක..අන්න ඒ නිසා ඔවුන් හොයාගත්ත ගලක් වගේ දෙයක් උඩින් යවල සතුරු සමූහයක් එකවර අඩපන කරන ක්‍රමයක් (අර සූර පප්ප එකේ වගේ කැටපෝල ) ඊටත් පස්සෙ කලුකුඩු හොයාගත්තට පස්සෙ ගල වෙනුවට බෝම්බයක් තියල යවල ..හොද ප්‍රතිපල ලබාගත්ත .. අන්න ඒක තමයි මම අද කතා කරන මෝටාර් අවි ඉතිහාසය..
හොදයි ..මම හැමදාම වගේ මුලින්ම කියන්නම් මේ අද කතා කරන අවියේ ඉතිහාසය ගැන පොඩ්ඩක්..
මෝටාර් අවියේ පලවෙනි අදහස
මේ 60mm මෝටාර් එක 1963 දී චීනය විසින් තමා පලවෙනි වතාවට නිශ්පාදනය කලේ ඒක තද කොල පාටයි.. ඊට පස්සෙ පකිස්ථානය හැදුව ඒක ලා කොල පාටයි.. අද වෙනකොටනම් අවි නිශ්පාදනය කරන හැම රටකම වගේ මේ අවිය නිශ්පාදනය කරනව..ඒත් ලංකාවට ගෙන්නන්නේ චීන එකයි, පකිස්ථාන් එකයි විතරයි..ලොකු විස්තරයක් නෑ..ඉතිහාසය ඔච්චරයි..
චීන අවිය - 60mm Motar
තාක්ෂණික විස්තර ගැන කතා කළොත්
අවියේ කැලිබරය තියෙනව 60.75mm ක්
(කැලිබරය = බැරලයේ විශ්කම්භය)
බැරලයේ දිග 605mm ක් වෙනව..
ඒ වගේම අවිය බරයි 12.5kg,
බේස් ප්ලේට් එකේ බර 3.4kg
බයිපෝට් එකේ බර 4.6kg
බැරලයේ බර 4.5kg
චීන අවියෙන් වෙඩි තැබිය හැකි උපරිම දුර 1410m
චීන අවියෙන් වෙඩි තබන්න පුළුවන් අඩුම දුර 137m
පකිස්ථාන අවියෙ වැඩිම දුර 1495m
පකිස්ථාන අවියේ අඩුම දුර 153m
HE බෝම්බයක බර 1.3kg
බෝම්බයේ කැලිබරය 60m
මසල් වෙලෝසිටි එක
චාජරයක් නැතුව 60-70 ත.මී
චාජර් එකක් දාලා 80 - 91 ත.මී
චාජර් දෙකක් දාලා 110 - 115 ත.මී
චාජර් තුනක් දාලා 134 - 140 ත.මී
හරි..
ඉස්සල්ල අවිය වගේම මේ අවිය භාවිතා කරද්දිනුත් පිලිපදින්න ඕන නීති කිහිපයක් තියෙනව මේව පිලිපැද්දෙ නැතිනම් වෙන්නෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න.එක්කෙනෙක්ට නෙමේ..මෝටාර් ගෲප් එකටම..
1. මේ අවිය ස්ථානගත කිරීමේදි උස් ගමන් පථය ආවරනය නොවෙන තැනක තමා ස්ථානගත කරන්න ඕන.
2. මේ අවියට බෝම්බ කැවීමේදී ,වේගෙන් සහ කෙටිම මාර්ගයෙන් අත පහලට කපන්න ඕන.
3. අවිය ස්ථානගත කරද්දින් රළු බොරළු නැති ස්ථානයක් වෙන්න ඕන.
4. අවියට බෝම්බ කැවීමේදී අවියට පිටුපසින් කිසිවෙක් නොසිටිය යුතුයි.
5. වෙඩි නොතබන සෑම අවස්ථාවකදීම අවියෙ මසලය මසල් කප් එකකින් වහල තියන්න ඕන.
ඒ වගේම මේ අවියෙ ප්‍රධාන කොටස් තුනක් තියෙනව
1. බේස් ප්ලේට්.
2. බයිපෝට් ගෲප් එක.
3. බැරල් එක.
මේ කොටස් වල තියෙනව තවත් කොටස් 25ක් විතර මම ඒව ගැන කියන්නෙ නෑ.මොකද මේ අවිය එච්චර දකින්න ලැබෙන අවියක් නෙමේනෙ. වැඩක් නැ කියල හිතෙන නිසා..
මේ අවිය අනිවාර්‍යෙන්ම සුද්ද කරන්න ඕනේ වෙනවා ඒ්
* මෙම ජීව වෙඩි තැබීමකට පෙර සහ පසු, අවිගාරයක කාලයක් අවිය තිබ්බට පස්සේ,
* අපිරිසිදුයි කියලා හිතන හැම වෙලාවකම වගේ සුද්ද කරන්න ඕනේ සහ පුහුණුව සඳහා සුද්ද කරනව..
ඒ වගේම මේ අවියකට එකනව ටූල් කිට් එකක්, අවියකට එක ගානේ.. ඒ ටූල් කිට් එකට කියන්නෙ ඕල් ඩෝල් කට්ටලය කියල.. ඒකේ තියෙන කොටස්නම් කියල වැඩක් නෑ ..අමුතුම වචන සෙට් එකක්..
හරි මම මේ සේරම කීවේ අවිය ගැනනේ දැං කියන්නම් අවිය පාවිච්චි කරන්නෙ කොහොමද කියල.
මේ අවිය නිකම්ම පාවිච්චි කරන්න බෑ. මේක සයිට් එකක් භාවිතා කරලයි ස්ථානගත කරගන්නෙ..
හොදයි මම කියන්නම් මුලින්ම සයිට් එකක් කියන්නෙ මොකද්ද කියල..
සයිට් එකක් කියන්නෙ හමුදාවක් සතුරා සමග සම්බන්ද වෙන්න ගන්න කුඩා දෘෂ්ටි උපකරනයක් මේ පහල තියෙන්නෙ මේ මෝටාර් එකට එන සයිට් එක.
ඒ වගේම මේ සයිට් ප්‍රධාන කොටස් දෙකක් තියෙනව ක්ලොක් වයිඩ් සයිට් සහ ඇන්ටි ක්ලොක් වයිඩ් සයිට් කියල..මේ 60mm මෝටාර් එකේ සයිට් එක අයිති වෙන්නෙ ක්ලොක් වයිඩ් සයිට් ගනයට මේකට කියන නම තමා MS 02..
M = මෝටාර්
S = සයිට්
02 = මාදිලිය
1. ප්‍රමාන්නයෙන් කුඩයි
2. රැගෙන යාමට අැති පහසුව සහ ඉතා ඉක්මනින් සවිකර ගැනීෙම් හැකියාව
3. අංශක 10.5 ක කෝනයක් අාවරණය වන පරිදි ඒ් තුලින් බැලීෙම් හැකියාව
4. වස්තුවක් 1x2 ලෙස දර්ශණය වේ
5. ඔබ්ජෙක්ටිව් ග්ලාස් ඒක 4mm වේ
6. රබර් අයි ගාඩ් ඒකේ සිට අයි ලෙන්ස් එක දක්වා දුර 20mm ක දුරක් අැත
ඒ් වගේම මේ සයිට් ඒකේ තාක්ෂණික ගතිලක්ෂන ගැන කතා කලොත්
1. සයිටය සමග පෙට්ටිය බරයි 775g ක්
2. සයිටය විතරක් බරයි 410g ක්
3. අංශක 45 සිට 85 දක්වා කෝන ගැනීමේ හැකියාවක් හා මිල්ස් 200ක ප්‍රමාණයක් සයිටය වමට හෝ දකුණට හැරවීමේ හැකියාවකුත් තියෙනව.
ඒ වගේම මේ සයිටය ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනව
හෙඩ් කොටස සහ බොඩි කොටස කියල.. (ඒ කොටස් දෙකේ තියන ඒව මම මේකේ ලියන්නෙ නෑ...)
හරි.. එතකොට කොහොමද මේ සයිට් එකෙන් බලල හරියටම දුර තියෙන ඉලක්කයකට හරියටම මෝටාර් ප්‍රහාරයක් දෙන්නේ.. ඒකට භාවිතා කරනව රේන්ජ් කාඩ් එක කියල එකක් .. ඒක පොඩි චාර්ට් එකක්..කෙටියෙන්ම කීවොත් රේන්ජ් කාඩ් එක කියන්නෙ මොකද්ද කියල රේන්ජ් කාඩ් එකක් කියන්නෙ අංශක මිල්ස් බවට පත් කරමින් සාදාගන්නා ලද ගනිතමය වගුවක් ..ඒකේ තියෙනව අපි හිතමුකෝ අපට මෝටාර් එකක් ගහන්න ඕන අපට වඩා 137 m ක් ඈතින් තියෙන ඉලක්කයකට , එතකොට අපි මෝටාර් බැරල් එක පොලවෙ ඉදන් කොච්චර දුරට උස්සන්න ඕනද කියන එක තියෙන්නෙ මේ රේන්ජ් කාඩ් එකේ..
හරි එතකොට මම දැනට කීයල තියෙනව මොකද්ද මෝටාර් එකක් කියන්නෙ සහ කොහොමද මොකෙන්ද මෝටර් ඉලක්කයක් ගන්නෙ කියල . . . . (මේ මෝටාර් එකෙ විස්තර ගොඩක් තියෙනව මම ලියල තියෙන්නෙ සාමාන්‍යයෙන් දැන ගන්න ඕනම ඒව විතරයි.)
මෝටාර් එකක් තනියම යුධ භූමියකට ගෙනියන්නත් බෑ.තනිවම ගහන්නත් බෑ.. මේකට ඉන්නව තුන්දෙනෙක්..no1, no2, no3 කියල, මේ අයට ගෙනියන්න තියෙන බඩු භාහිරාදියත් වෙනස් වෙනව, සාමාන්‍යෙන් මේ තුන්දෙනා එකති වෙලා මෝටාර් බෝම්බ 36, මෝටාර් අවියක්, ඕල්ඩෝල් කට්ටලය සයිටය , ඒමින් පිකට් එකක් කියන සේරම..එතකොට හිතන්න තමන්ගේ පුද්ගලික අවිය පතුරම් සහ බඩු භාහිරාඩිය එක්ක කොච්චර බරක් ඇතිද සහ ඒ බර අරන් සෙබලෙක් යන්න කොච්චර ශක්ති ප්‍රමානයක් ඕනද කියල ... හරි මම ඒ මැදින් දැම්මෙ පොඩි ඇඩ් එකක්..
මේ නම් 60mm මෝටාර් බේස් ප්ලේට් එකක් නෙවේ 81mm මෝටාර් එකක බේස් ප්ලේට් එකක්
අපි යුද භූමියක යනකොට අපට හදිස්සියේ මේක lay කරගන්න ඕන කියල හිතමිකෝ එතකොට මේක හිතුන තැනක ley කරන්න බෑ අපට මේකට ප්‍රධානව මේ කාරනා සම්පූර්ණ වෙන්න ඕන.
1. මඩ වගුරු, රලු බොරලු නොවූ භූමියක් වෙන්න ඕන,
2. උස් ගමන් පථය ආවරනය වෙන්න බෑ
3. සතුරාට නිරීක්ශනය නොව්න තැනක් වෙන්න් ඕන.
අපි එහෙම තැනක් හොයාගෙන මෝටාර් එක ley කරගෙන ගහද්දින් පලවෙනි එක ගහන්නෙ අපිබේස් ප්ලේට් එක පාගන් මොකද මේක බෙඩින් ඉන් වෙන්න ඕන.එතකොට මේ බෙස් ප්ලේට් එක සම්පූර්නයෙන්ම පොලවට කිදාබැහැල හොදට ෆිට් වෙනව. ඊට පස්සෙ අපි රේන්ජ් ඉන් කරගන්නව හරියට අපේ ටාගට් එක උඩට බෝම්බයක් පතිත කරගන්න ඊට පස්සෙ තමා බෝම්බ පතිත කරල ඉලක්ක පත විනාශ කරන්නෙ මේ ඔක්කම සාමාන්‍යෙන් බෝම්බ 3කින් විතර සෙට් කරගෙන ගහන්න ගන්නව.
මේ අවියෙත් ආබාද තියෙනව අනික්වගේ වගේම
ඇතිවන ආබාද සහ ඇතිවිය හැකි ආබාද කියල
ඇති වියහැකි ආබාද නම් අවිය කැඩී යාම
ඇති වන ආබාද නම්
1. ඩර්ටි බැරල්
2. ෆවුල් ඉන් ද බැරල්
3. පෝල්ටි ප්‍රයිමරි.
මේ තුනම RPG එකෙත් කීව නිසා ඒ ගැන අය කියන්න යන්නෙ නෑ..
මෙච්චර තමයි මෝටාර් අවිය ගැන කියන්න තියෙන්නෙ.
මේ අවිය යුධ භූමියක කරන උදව්ව වචනයෙන් කියල ඉවර කරන්න බෑ. සම්පූර්ණයෙන්ම ඉදිරියට එන සතුරාට නැවත මතක් කිරීමක් කරනව තමන් නැගිටින්නෙ ජීවිතය අනතුරේ තියෙන අවස්තාවක කියල.
හැබැයි මේකෙන් ලග ඉන්න අවට වෙඩි තියන්න බෑ. ඒ වගේම මෝටාර් පිකප් වෙන සද්දෙට අනෙක් පාර්ශවය ඩවුන් යනව. ඒකයි ඒ වගේම චාජර් දැම්මම සෑහෙන කාලයක් තියෙනව උඩ, ඒක අපට හොදටම බලන්න පුලුවන් මෝටාර් ගන් 4කට චාජර් නැතිව, චාජර් 1,2,3 දාල බැට්‍රි ෆයර් එකක් දුන්නම (බැට්‍රි ෆයර් = බැට්‍රියක් කියන්නෙ ආටි ගන් සමූහයක් එකවර දෙන ෆයර් එකක්) ඒ වගේම මේ අවියෙන් හරියටම මෙතනට ගහනව කියල ගහන්න බෑ. මොකද මේකේ අවියෙ කැලිබරයෙත්, බෝම්බයේ කැලිබරයෙත් අතරෙ 0.75mm ක වෙනසක් තියෙනව ඒ නිසා අපි ගහන බේම්බය වර්ග මීටර් 10ක් ඇතුලෙ ඕනෑම තැනකට වැටෙන්න ඉඩ තියෙනව.
මෝටාර් බෝම්බ
60mm මෝටාර් අවිය
මෝටාර් බෝම්බයක්
තැනට සුදුසුව අවිය හැසිරවීම
81mm මෝටාර් අවියක් ..
ටිකක් ලොකු මොටාර් එකක් මේව දැනට කාලතුවක්කු හමුදාව භාවිතා කරන්නෙ.
රාත්‍රියේදී නිරීක්ශනය වෙන්න අවස්තාව වැඩී
මෙහෙමයි මෝටාර් ගහන්නෙ
දාන්න තියෙන චාජර් ටිකට වග කීවම මෙහෙමත් වෙනව
හොදට බලන්න ..මමනම් දැක්කෙ බැරල් එකට බෝම්බ දෙකක් දානව
හරි දැන්නම් ලිපිය ගොඩාක් දිගයි.. අදට ඇති..ඉක්මනින්ම තවත් අවියක් ගැන ලිපියක් දාන්නම්.. සුභ දවසක්