Thursday, August 24, 2023

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට 

මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග් එකකින් මගේ අත්දැකීම බෙදාගන්න තියෙන හොදම මාතෘකාව කියල හිතුන නිසයි මෙහම මාතෘකාවක් ගැන  ඉදිරි කාලයේදී ලියන්න හිතුවෙ..





ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම ගැන කථා කිරීමේ බලාපොරොත්තුව මොකක්ද ?

ඩිජිටල් සිතුවම් වෙත ආධුණිකයෙක් නම් ඩිජිටල් මාද්‍යන් සිතුවම් කරනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවනම් එහි ඇති වාසි අවාසි පිලිබදවත්, ඩිජිටල් සිතුවම් කරනයේ සහ සාම්ප්‍රදායික සිතුවම් කරනයේ ඇති වෙනස්කම් පිලිබදවත් ඒ තුලින් ආරම්භය්දී අත්විදීමට සිදුවන ගැටළු සම්බන්ධවත් අදහස් බෙදාගැනීමයි මේ ලිපි පෙලින් මම බලාපොරොත්තු වෙන්නේ.  ඒ වගේම මේ බ්ලොග් ලිපිියෙන්මම ඔබගේ අදහස අනුව තොරතුරු  ගොනු කරගැනීමට බලාපොරොත්තු වෙනව.

(සාම්ප්‍රදායික සිතුවම යන්නෙන් අදහස් කරන්නේ යම් මාද්‍යක් මත අගුරු, පැනසල්, තීන්ත ,පැස්ටල් වැනි යමක් ආධාරයෙන් චිත්‍ර ඇදීම)


කවුරු එක්කද මම ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම කියන මාතෘකාව ගැන කථා කරන්නේ ?

චිත්‍රයක් අදින්න පුලුවන් පාසැල් අවධියේ සිට වෙනත් රැකියාවක් කරන ගමන් විනෝදාංශය වශයෙන් චිත්‍ර අදින සියලුම දෙනාට මෙම ලිපිය වැදගත් වෙනව.. ඒ වගේම තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න හිතන් ඉන්න ඕනම කෙනෙකුට මේ ලිපි පෙළ වැදගත් වේවි කියල හිතනව


චිත්‍ර අදින්න මොනවද ඕන ?

චිත්‍ර අදින්න ඕන අවශ්‍යතා ගැන කථා කලොත් සරලව අපට අගුරු කෑලල්ක් සහ ඉවත දමන කාඩ් බෝඩ් කෑල්ලකින් උනත් පටන් ගන්න පුලුවන්.. ඒක තීරණය කරන්න වෙන්නේ අපට හෝ එම ක්ෂේත්‍රය වෙත යොදවන කෙනාගේ චිත්‍ර වලට තියෙන ආසාව, හැකියාව වගේම අපි ඒ සිතුවම් ප්‍රදර්ශණය කරන ස්ථානයත් එක්ක.  

                          ඉවත දමන සිගරට් පෙට්ටි මත බෝල් පොයින්ට් පෑනෙන් අදින ලද සිතුවම්

                                            

ඒ වගේම අපට ඩිපිටල් සිතුවම් කිරීමත් සරල ආකාරයෙන් තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයෙන් හෝ ලැප්ටොප් එකෙන් පටන්ගෙන එය ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් තියනව.. අපි කොටසින් කොටස සරලව ඉදිරි ලිපි තුලින් ඒ ගැන කථා කරමු...

මොකද දැනට මම මේ බ්ලොග් එක ලීවේ ඒ ගැන ඔයාලගේ අදහස දැනගන්න.. මම බලාපොරොත්තු වෙනව ඉස්සරහට ආලේඛ්‍ය සිතුවම් ඇදීම සහ ඩිජිටල් සිතුවම් ඇදීම පිලිබදව පියවරෙන් පියවර ලිපි පෙලක් ගෙන එන්න ඒකට ඔයාලගේ අදහස Comment එකකින් දාන්න 


ඒ වගේම මම කලින් කරගෙන ගිය අවි පතුරම් පිලිබදව දැනුම දෙන ලිපිපෙල ඉස්සරහට කරගෙන යන්න කැමතිනම් ඒකත් Comment එකකින් දාන්න 


සුභ දවසක්  !!!!

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...